💔 ආයෙමත් පරණ තැනම 💦

377 132 31
                                    

-----------------------------

අවුරුදු ගානක වේදනාව හේදිලා යනකම් මම නෑවා. හෙට ඉදන් මම ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා කිසිම අදහසක් නැති උනත් මට ඕනි උනේ ජීවිතේ අලුතින් පටන් ගන්න. මගේ ජීවිතේ අඳුරු මතක හැමදාටම අමතක කරලා දාන්න පුලුවන් උනානම්...? ඒක කොච්චර හොදයිද..? ඒත් ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මම තීරනේ කලා ඒ හැම ජරා මතකයක්ම ගුලි කරලා පපුවේ කොනක හංගගන්න.  මොන දේ උනත් හිනා වෙලා ජීවිතේ ඉස්සරහට යනවා කියලා මම තීරනේ කරගෙන වොශෲම් එකෙන් එලියට ආවා.

" මගුලයි "

හේසි තාම වොශෲම් එකේ ඇති කියලා හිතාගෙන තමන්ගේ ඇඳුම් ටිකක් එලියට අරගන්න කියලා හිතාගෙන රූම් එකට ආපු ජින් ඇතුලට එනවත් එක්කම හේසි වොශෲම් එකෙන් ටවල් එකත් ඇඳගෙන එලියට ආපු නිසා එහෙම කියාගෙන යූ ටර්න් එකක් ගහලා හැරිලා දොර වහගෙන එලියට ආවා.

ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම වුන නිසාද මන්දා කොල්ලගේ ඉහෙන් කනෙන් දාඩිය පෙරනවා. ඊට වඩා පපුව තුන් හාරදාහට වේගෙන් ගැහෙනවා.

" ආ....ශ්...අනී....ඔයා මුකුත් දැක්කේ නෑ...අරස්සෝ ? එයා ටවල් එකක් ඇඳගෙන ඉදියේ....අනික ඒක පොඩ්ඩයි කොට "

ජින් තමන්ට කියාගන්න ගමන් තව වෙලා එතන ඉන්නේ නැතුව කෙලින්ම පහලට දිව්වා.

" ආ....ශ් ඒක එච්චර ලොකු දෙයක්ද ? අනික මම ටවල් එක ඇඳගෙනනෙ ඉදියේ.... මෙහෙම ලැජ්ජා වෙන කොල්ලෙක් මම දැක්කමයි "

මම මටම කියාගෙන පිජාමා කිට් එක දාගත්තා. ගතවුන මුලු වෙලාව පුරාම මට මතක් උනේ යං-ජුන් ව. එයා මාව මුලුන්ම දැකපු දවසේ ඉදන් මගේ ඇඟ වටේ කැරකුන හැටියි ජින් මෙච්චර අපහසුවෙන් එලියට දුවපු එක අතරෙයි කොච්චර ලොකු වෙනසක් තියෙද කියලා මට හිතුනා.

ඒත් මම එලියට ආවේ ටික වෙලාවක් ගියාට පස්සේ. මොකද ඒ වුන දේත් එක්ක ජින්ට ආයෙමත් මූඩ් එකට එන්න ඕනි නිසා මම එයාට පොඩි වෙලාවක් දුන්නා. ටික වෙලාවකට පස්සේ ලී පඩිපෙල බැහැගෙන මම හෙමින් පහලට ආවේ පහලින් ඇහෙන කතාවට ඇහුම්කම් දෙන ගමන්. එයාලා ඉන්නේ  ගොඩක් සතුටින්. ඒ තරම් එයාලා හිනා වෙනවා. මම පඩිපෙලේ මැද නතර වෙලා ටික වෙලාවක් එයාලා දිහා බලාගෙන ඉදියා.

❤️ The LOVE Puzzle - 01 🧩 ( KSJ FF )  ( Completed )Where stories live. Discover now