ඇත්ත ‼️

346 131 13
                                    

📞......

" යොබුසේයෝ ? "

" මැඩම්....මම මිස්ටර් පාර්ක්ගෙ ලෝයර්. මට මැඩම්ව මුනහැගෙන්න පුලුවන්ද ? "

" මාව ? "

" දේ... මට මැඩම් එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා. මැඩම්ට පුලුවන්නම් තනියම එන්න. ඇත්තටම මේක මැඩම් විතරක් දැනගන්න ඕනි දෙයක්. මැඩම්ට මාව මීට් වෙන්න පුලුවන් වෙලාවක් ආපු ගමන් මට කෝල් එකක් දෙන්න."

මගේ හිතට බයක් දැනුනා. ඒ මොකක් ගැනද ? අනික අප්පගේ ලෝයර් ඇයි මට කතා කරන්නේ ? ප්‍රශ්න ගොඩ ක් ඔලුවට එනකොට මම එයාව මීට් වෙන්න එකඟ උනා. ඒත් යංජුන්ට හොරෙන් එලියට යන එක ලේසි වෙන්නෑ කියලා මට තේරුනේ ගිය දවස් ටිකේම එයා මගෙ පස්සෙන් වැටිලා ඉදපු නිසා.

" බේබි....කවුද කතා කලේ ? "

" අහ්....අහ්...මේ අප්පගේ ඔෆිස් එකෙන් කතා කලේ යංජුන් "

" ඔෆිස් එකෙන් ? ව්...වේහ්...? "

යංජුන් එකපාරටම කලබල උනා.

" ඇයි ඕකට ඔය තරම් කලබල වෙන්නේ ? "

" අහ්..අනියා...අනියා....ම..මම කලබල උනේ ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා "

" අනී....අනී...ඒත් ඔෆිස් එකේ දැන් කවුරුත් නැති නිසා ස්ටාෆ් එක ඉන්නේ කලබලෙන් කිව්වා. ස්ටාෆ් එක හිතන්නේ අප්පා නැති නිසා කම්පැනි එක වහන්න වෙයි කියලා "

මම දන්නෑ ඒ බොරුව මගෙ කටට කොහෙන් ආවද කියලා. ඒත් ඒකට යංජුන් අහු උනා.

" ඕ.....හ් ඉතින් බේබි යන්නද හදන්නේ ? "

" අනී....ඇත්තටම මට ඔෆිස් යන්න තරම් මූඩ් එකක් නෑ යංජුන්..... යංජුන්...? ඔයාට පුලුවන්ද මම වෙනුවට එතනට ගිහින් බලන්න. ? අනික මට වඩා ඔයාට ඒ ගැන හොඳ දැනීමක් තියෙනවනේ "

" ඕ....හ් ඩෝන්ට් වොරී බේබි...මම දැන්ම යන්නම්. කලබල වෙන්න එපා..අරස්සෝ ? හැමදේම හොඳින් වෙයි "

" දේ.... "

යංජුන් කාර් එකේ යතුරත් අරගෙන එලියට ගියේ හරි ඕනිකමින්. යංජුන් ගෙදරින් යනකම් ඉදලා මම ඉක්මනට ඇඳුමක් දාගත්තා. ආන්ටිටත් කියලා මම ඉක්මනින් පහලට ආවේ ලෝයර්ට ආයෙම කෝල් කරන ගමන්.

❤️ The LOVE Puzzle - 01 🧩 ( KSJ FF )  ( Completed )Where stories live. Discover now