යං - ජුන්ගේ අමන වැඩ 😪

349 126 19
                                    

පහුවදා උදේම ජින් ගෙදරින් පිටත් උනේ යොන්ගි එක්ක අලුත් ගෙදරට යන්න.

" ආ...හ් මේක හරි අසාධාරනයි ඔම්මා. හ්‍යුන්ග් විතරක් එයාට කැමති දිහාවක යනවා. ඒත් අපිට එහෙම යන්න දෙන්නේ නෑ "

" ඔහේලා දෙන්නා කැමති කැමති දේවල් කරන්න ගත්තොත් මට වෙන්නේ හැමදාම පොලීසියට එන්න තමුන්ලා දෙන්නට ඇප දෙන්න "

මිසිස් කිම් කෑගහලා කිව්වේ පොඩිඋන් දෙන්නගෙන් බේරෙන්නම බැරි තැන. පොඩි දෙන්නත් ඒ කියපුදේට කටවල් වහගත්තා. යොන්ගි එක්ක වාහනේට නැගල යන ජින් දිහා බලාගෙන ජින්ගේ ඔම්මා ලොකු හුස්මක් පිට කලා.

" කොල්ලට දැන් තමා හොඳ කාලේ ලැබුවේ. "

" බය වෙන එපා පැටියො...අපේ පුතා දවසක ඉහලටම යනවා හරියට එයාගේ අප්පා වගේ "

" දේ දේ.... අප්පා වගේ ඉහල යන්න ක්‍රම හොයාගත්තොත් මම එකෙක්ටවත් මේ ගෙදර පස් පාගන්න දෙන්නෑ "

මිසිස් කිම් කටත් ඇද කරලා කියලා කට්ටියම කාපු භාජනත් අරගෙන කිචන් එකට ගියා.

" ඈ....මම එච්චරම නරකද ? "

" අ.හ්..ආනියාආආආආ...අප්පා තමයි හොඳම "

" මෙන්න ඉන්නවා මගෙ කොල්ලො දෙන්නා. ඔයාලට විතරයි මේ අප්පගේ අගේ තේරෙන්නේ. "

ජන්ගුක් ජිමින් දෙන්නා මිස්ටර් කිම්ගේ හිත සැනසෙන්න  වගේ කියලා අත් දෙක ඉස්සරහට දික් කරගෙන මූන දිහා බලාගෙන ඉන්නගත්තා. මේ ඉල්ලන්නේ සල්ලි. කොහොම හරි මිස්ටර් කිම්ව වර්ණනා කරලා කීයක් හරි කඩාගන්න එක තමා මේ පොඩි උන් දෙන්නගේ ප්‍රධාන රාජකාරිය. කොහොම උනත් දෙන්නම කොලේජ් යන්න කලින් ඒක කොහොම හරි කරගන්නවා.

" ආ....ශ්.....මුන් දෙන්නා. "

මිස්ටර් කිම් තොල් මතුර මතුර පර්ස් එක එලියට අරගන්නකොටම මිසිස් කිම් සාලෙට ආවේ ඒප්‍රන් එකත් ඇඳගෙනමයි.

" මොකක්ද ඔහේ ඔය කරන්නේ ? "

" අහ්...මේ....අනි...මං මේ පොඩි දෙන්නට කීයක් හරි දෙන්න හැදුවේ "

" ආ...ශ් මේ නසරානියො දෙන්නා...දුවනවා දෙන්නම. තමුන්ලා හිතන්නේ අපි සල්ලි ගස් වලින් කඩනවා කියලද ? දුවනවා...දුවන්නයි කිව්වෙ. "

❤️ The LOVE Puzzle - 01 🧩 ( KSJ FF )  ( Completed )Where stories live. Discover now