64📖️

1.8K 422 102
                                    

ගුසුලාන් රජ මැදුර..

ගුසුලාන් රජ මැදුර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ලා..ලාන් වන්ග්ජි.." අධිරජුන්ව දුටු සැනින් වෙන් චාඕගේ දෑස් විසල් වී ගිය අතර ඔහුටත් නොදැනීම තම අසිපත ඔහුගේ අතින් ගිලිහී යන්නට වුණා..

"එසේයි.. මා තමයි.. නුඹ සිතුවා ද එතරම් පහසුවෙන් මා මිය යයි කියා.. එසේ නම් නුඹට වැරදිලා වෙන් චාඕ.. මෙතෙක් වේලා ඔබ ඔබට අවැසි ලෙස ක්‍රීඩා කලානේ.. දැන් මාගේ වාරයයි.." කුරිරු සිනහවකින් තම මුව සරසාගත් ලාන් වන්ග්ජි අසල බිම තිබූ වෙන් චාඕගේ කසය සිය අතට ගත්තේ එහි තැවරී තිබූ ලේ පැල්ලම් දෙස ⁣සුපරික්ෂාකාරී බැල්මක් හෙලමින්..

"නුඹ මෙයින් ද මාගේ අධිරාජිනිය හට පහර දුන්නෙ.." හැඟීම් විරහිත ⁣ස්වරයෙන් විමසුවාත් වන්ග්ජි පසුවන්නේ දැඩි කෝපයෙන් බව වටහා ගැනීමට වෙන් චාඕ හට අපහසු වූයේ නැහැ..

"මා..මා කිසිත් සි..සිදු කලේ නැහැ.. සියල්ලක්ම මාගේ සොහොයුරා විසින් සැලසුම් කලේ ලාන් වන්ග්ජි.." වෙන් චාඕ පැවසුවේ බිය රැඳි දෙනෙතින් අධිරජු දෙස බලා පියවරෙන් පියවර පසුපසට ගන්නා අතරතුරේ..

"එයත් එසේද.. එවිට දැන් කොහිද ඔබේ සොහොයුරා.." ⁣සෙමින් සෙමින් වෙන් චාඕ අසලට ලං වෙන ගමන් ලාන් වන්ග්ජි ප්‍රශ්න කළා..

"ඔහු.. ඔහු මිය ගියා.."

"හ්ම්.. මා සිතා සිටියේ ඔබ දෙදෙනාට දඬුවම බෙදා දීමට.. නමුත් කුමක් කරන්න ද මා පැමිණීමට පෙර ඔහු මියගොසින් නෙ.. ඊට කමක් නැහැ.. නුඹට හැකියි දැන් නුඹේ සොහොයුරාගේ දඬුවම ද බාර ගැනීමට.." යැයි පැවසූ වන්ග්ජි වෙන් චාඕ ගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙන තම සෙබලුන්  ඇමතුවා..

"ගුසුලාන් සෙබලුනි.. හොඳින් අසාගනු.. අද දින අප රාජ්‍යය අක්‍රමණය කිරීමට පැමිණි සියලුම වෙන් සෙබලුන් මිය යා යුතුයි.. මාගෙන් කිසිවෙකුට කිසිදු අනුකම්පාවක් හිමි වන්නෙ නැහැ.. මෙහි සිටින සියලුම සතුරු සෙබලුන් මා සියය⁣ට ගණන් කිරීමට පෙර අවසන් කර දැමිය යුතුයි.. නුඹලාට වැටහුණා ද.."

Male Empress (Wangxian)✔️Where stories live. Discover now