82📖️

1.9K 430 242
                                    

ගුසුලාන් රජ මැදුර...

ගුසුලාන් රජ මැදුර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අධිරාජිනියණි.."

"අධිරාජිනියණි කරුණාකර නවතිනු මැනවි.."

"ඔබතුමන් තවමත් සුවෙන් නොවේ පසුවන්නෙ අධිරාජිනියණි.. කරුණාකර අප හට ඇහුම්කන් දෙනු මැනවි.."

තමා ඉදිරියට හමු වන සියල්ලෙක්ම පසෙකට තල්ලු කරමින් වැටි වැටී දිව යන වෙයි වුශියැන් පසු පස ආ වෙන් නින්ග් බායි ලූ සහ අ'ඩින්ග් කොතරම් හඬ නගා කෑගැසුවාත් අධිරාජිනියව නතර කරලීමට ඔවුන් කිසිවෙක් හට හැකි වූයේ නැහැ..

'ලාන් චාන්.. ලාන් චාන් ඔබ මාගේ පමණයි.. ඔබට නොහැකියි ඇය වෙත යාමට.. කරුණාකර මෙය සිදු කරලන්නට නම් එපා.. මාගේ ළය සත් කඩකට පැලී යයි.. මා ඔබේ දෙපා වැඳ අයදින්නම් තවදුරටත් මා රිදවන්නට නම් එපා..' වෙයි වුශියැන් තම සිතින් එසේ සිතුවේ ඔහුගේ දෑස් කඳුලින් පිරී යද්දී..

ඒත් සමඟම වතුර බඳුනක් ඔසවාගෙන ඉදිරියෙන් පැමිණි සේවිකාවකගේ ඇගේ හැපුන වෙයි වුශියැන් ඇයත් සමඟම බිම ඇද වැටුණා..

"අ.. අධිරාජිනියණි.. කරුණාකර මා.. මා හට කමා කරන්න.. මා ඔ..ඔබතුමන්ව දුටුවේ නැහැ.." දැඩි ලෙස භීතියට පත් සේවිකාව අධිරාජිනිය ඉදිරියේ හිස නමමින් ආයාචනා කරන්නට වුනාත් වෙයි වුශියැන්ට ඒ පිළිබඳ කිසිදු තැකීමක් වූයේ නැහැ..

"අධිරාජිනියණි..."

"අධිරාජිනියණි..."

"ඔබතුමන් සුවෙන් ද.."

ඉක්මනින් එතනට පැමිණි බායි ලූ අ'ඩින්ග් සහ වෙන් නින්ග් කනස්සල්ලෙන් යුතුව විමසන්නට වූවා..

"මා.. මා යුතුයි.. අධිරජුන්.. එතුමා වෙත මා වහා යා යුතුයි.. එසේයි මා යා යුතුයි.."  උමතුවෙන් මෙන් කියවමින් වෙයි වුශියැන් නැගී සිටීමට උත්සාහ දරද්දී අ'ඩින්ග් හඬා වැටෙන්නට වූයේ බායි ලූ සහ වෙන් නින්ග් තම කඳුලු සඟවා දෑත් මිට මොලවාගනිද්දී..

Male Empress (Wangxian)✔️Where stories live. Discover now