Chapter 13

497 148 70
                                    

"මට බඩගිනී..
ඒයි කුක්කා... මට බඩගිනී. ඇහෙනවද ?
යාහ්හ්හ්හ්.. කුක්සන් මාව ඇහෙනවදෝ ?"

ජීමින් උඩ ඉදන් කෑ ගහන්නේ කිචන් එකේ ඉන්න ජන්කුක්ට. ඒත් ජීමින් දැනන් හිටියේ නෑ තමන් මේ කෑ ගහන්නේ සවුන්ඩ් පෲෆ් කාමරයක් ඇතුලෙ ඉදන් බව.

"කුක්සා....න් .. ආ යූ හියර් මී ?
මට කම්මැලී .. ඕයි ... රණ්ඩු කරන්න එනවකෝ.
මේ කාමරේ මොකද මෙච්චර අදුරු. හොරර් ෆීලින් එකක් එනවා."

කලින්ටත් වැඩිය හයියෙන් කතා කරත් ජන්කුක්ට නෙවෙයි ඇහුණේ. ෆෝන් එක අරන් ජන්කුක්ගේ අංකය ඩයල් කරත් ඒක කාමරේ ඇතුලෙන්ම රින්ග් වෙනවා ඇහෙද්දි ෆෝන් එක පැත්තකට විසි කරලා කොට්ටේ ලග තිබුණ සෙල්ලම් බැට් මෑන්ව අතට ගත්තේ ජන්කුක් තාම මේවට ආසද කියලා හිතන ගමන්.

"හේයි බැට් මෑන් .. වට්ස් අප් බ්‍රෝ ? මෝඩ බැට් මෑන්. තමුසෙත් ජන්කුක්ට රැවටිලා හලෝ ඉන්නේ. ඔයා ස්පයිඩර් මෑන් වගේ රතුයි නිලුයි ඇදුමක් ඇන්දා නම් කවදාවත් මේ කාමරේ ඉන්නේ නෑ. ඔයාත් මේ කාමරේ ඉන්නේ කලු ඇදන් ඉන්න නිසා."

"එත්කොට බූරුවා තමුසෙ කහ පාට ඇදන් ඉදලා කොහොමද ජන්කුක්ගේ කාමරේට ආවේ ?"

ඒ කතා කරේ නම් බැට් මෑන්. ජීමින් බැට් මෑන් එක්ක කට හඩවල් දෙකකින් ලොකූ කතාවක්.

"මං ජන්කුක්ගේ බෝයිෆ්‍රෙ__ අනී.. එහෙම වෙන්න බෑ. ඒ මිනිහා මාව බලෙන් එක්කන් ආවේ."

"ඔයා දන්නවද ? ජන්කුක් මාව ගෙනාවෙත් බලෙන්. මං හිටියේ බැට් වුමන් එක්ක පවුලක් වෙන්න. චහ් .. මූ මාව ගෙනත් මේ අදුරු කාමරේ හිර කරා. ඕහ් .. සමහරවිට ජන්කුක් ඔයාවත් කාගෙන් හරි වෙන් කරලා මේ කලුවර කාමරේ හිරකරලා තියයි."

"ආනියෝ.. බැට් මෑන් චින්ගුයා.. කුක්කා එහෙම නෑ."

බැට්මෑන්ගේ මූණට ඇගිල්ලෙන් අනින ගමන් ලැජ්ජාවෙන් වගේ එහෙම කියද්දි බැට් මෑන් තමන් දිහා බලලා සමච්චලේට හිනා වුණේ හන්ගන් ඉන්න දේ තේරිලා වගේ.

"යාහ්... මට හිනා වෙන්න එපා මෝඩ වවුලෝ."

"ජීමින්.. "

ඒ නම් බැට් මෑන් ගේ කටහඩ නෙවෙයි කියලා ජීමින්ට පැහැදිලිවම ඇහුණා. කාමරේ දොර ලග කෑම එකත් තියාගෙන ජන්කුක් හිටගෙන ඉන්නවා දැකපු නිසා බැට් මෑන්ව පැත්තකට විසි කරේ ඇදේ හෙඩ් බෝඩ් එකේ වැදෙන විදිහට. බැට් මෑන්ගේ කටහඩින් 'ඌයි' ගානවා ඇහුණත් ජීමින් ජන්කුක්ගේ අතේ තිබුණ කෑම දිහා බැලුවේ දවස් ගානකින් නොකාපු කෙනෙක් වගේ.

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now