Chapter 16

485 152 47
                                    

"නෑ කිව්වනේ එක පාරක්. ඒක අත්වැරදීමක්."

"ඒ විදිහේ අත්වැරදීම් වෙන්නේ නෑ. හේතුව කියනවා."

"හෙතුවක් නෑ මනුස්සයෝ. මේ සුප් එක බීලා නිදාගන්නවා. දැන් හොදටම රෑ වෙලා."

හාරදාස් නමසිය අනූ නම වෙනි වතාවටත් වුණ දේ අත්වැරදීමක් කියලා ජීමින්ට පැහැදිලි කරන ජන්කුක් බලෙන්ම ජීමින් අතින් සුප් එක තිබ්බා.

"කුක්කා .. අපි තව මාස එක හමාරයි ඔය කන්ට්‍රැක්ට් එකේ ජීවිත් වෙන්නේ. ඊට පස්සේ ඔයාට පුලුවන් ඔයාගේ ජීවිතේ හදාගන්න."

ජන්කුක්ගේ හිත කොහෙත්ම කැමති නෑ ඒ ගැන කතා කරන්න. ඒත් කතා කරත් නොකරත් කාලය නවත්තන්න ජන්කුක්ට පුලුවන් කමක් තිබ්බෙ නෑ. කම්පැණි එක වෙනුවෙන් බොරුවට ඩේට් කරන්න වුණත් ජීමින් කියන්නේ දැන් ජන්කුක්ගේ හැමදේම.

"ඕයි.. අලුත් ග්‍රහලෝකයක් වත් හොයාගන්නද ඔච්චරටම කල්පනා කරන්නේ පිටසක්වලයෝ ?"

"ආ ආනී .. සුප් එක බීලා නිදාගන්නවා. මාස එක හමාරක් යනකන් තමුසෙ මගේ බෝයිෆ්‍රෙන්ඩ් නේ."

ජන්කුක් එතනින් යන දිහා ජීමින් බලන් හිටියේ මොන වගේ හැගීමකින්ද කියන්න ජීමින්ටවත් තේරුණේ නෑ. ජන්කුක්ගේ ඇස් වලින් පේන ආදරේ ජීමින් නොදැක්කා නෙවෙයි. ඒත් ජන්කුක් ඉස්සර වෙනකන් ජීමින් කලේ තමන්ගේ හිතටම තහනමක් දාගත්තු එක.

තවත් සතියක් ගෙවිලා යද්දි ජීමින්ට ඇවිදගන්න පුලුවන් වුණ නිසා ජන්කුක්ට නිදහසක් ලැබුණා. ඒත් යන යන තැනට පස්සෙන් ඇවිත් රණ්ඩුවක් අල්ලන එකයි කෑ ගහන එකයි මේ වෙද්දි කොල්ලට එපාම වෙලා තිබුණා.

"කුක්සාන්.. මට දැන් හොදයිනේ. මේ අදුරු ගුහාව අත ඇරලා දාන්න කාලෙ හරි වගේ නේද ?"

"තව දවස් දෙක තුනක් වත් ඉන්න කියලා ඩොක්ටර් කිව්වා. ඩොක්‍ටර් ඇවිත් චෙක් කරනකන් කොහෙවත් යන්න බෑ."

"මේක හරි වැඩක් වුණානේ. මට මගේ නිදහස දෙනවා.. කුක්සාන්..  ඔයාට බෑ මට මෙහෙම කරන්න."

"මෙච්චර දවස් ඉවසපු එකේ තව ටිකක් ඉවසන්න. කම්මැලි නම් ෆිල්ම් එකක් වත් බලන්න."

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Waar verhalen tot leven komen. Ontdek het nu