Chapter 18

515 151 46
                                    

ජන්කුක්ගේ ගෙදරින් ආපු වෙලාවේ ඉදලම ජීමින් හිටියෙ හිත කලබලෙන්. ජන්කුක්ට තමන්ව ඕනිම වෙලාවේ තනි කරලා ආපු එක ගැන ජීමින් පසු තැවුණා වගේම තනියෙන්ම ගන්න පුලුවන් ලොකුම තීරණෙත් අරන් ඉවරයි. මිස්‍ටර් පාර්ක් කරන්න දාහක් දේවල් යෝජනා කරද්දි ජීමින් එකම තීරණේක හිටියත් ඒ ගැන තමන්ගේ පියාටවත් කියන්න ගියෙ නෑ. press conference එකට යන්න වෙලාවක් තිබිලත් ජීමින් වැඩ කරේ තමන්ගේ හිතුමනාපෙට.

ජන්කුක් මේ වෙලාවේ පිටපතක් අතේ තියාගෙන බොරුවට කතාවක් පාඩම් කරන බව දන්න නිසාම ජීමින් තමන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කරා. ජීමින් මාධ්‍ය ඉස්සරහට තනියම ගියේ කිසිම කෙනෙක් දැනුවත් නොකරමයි. මේ වෙලාවේ ජන්කුක්ව බේරන එක ගැන විතරයි ජීමින් හිතුවේ. පටන් ගත්තු තැනින්ම අවසන් කරන්න හිතාගෙන හැම පැත්තෙන්ම කැමරා අටවගෙන ඉන්න මාධ්‍යවේදීන් මැද්දෙන්ම ඉස්සරහට ගියපු ජීමින් මුලින්ම අහපු ප්‍රශ්න හැම එකකටම වගේ උත්තර ගැලපුවා.

"මිස්ටර් ජීමින් .. මේ හඩ පටිගත කිරීම ගැන මොකක්ද කියන්න තියෙන්නෙ ?"

"ඒක ඇත්තක් ! එතන මං කියපු හැමදෙයක්ම ඇත්ත."

"මොකක් වෙනුවෙන්ද මේ දේ කරේ ? ජන්කුක් මෙතන්ට ආපු නැති එකට හේතුව මොකක්ද ?"

මාධ්‍යවේදිනියකගෙන් නැගුණු ප්‍රශ්නය නිසාම මොහොතකට මුලු හෝල් එකම නිශ්ශබ්ද වුණා.

"ජන්කුක් මෙතන්ට ආවේ නැත්තේ මේකෙදි ජන්කුක් ශීගේ කිසිම වැරැද්දක් නැති නිසා. ගිවිසුමක් අත්සන් කරන්න එකම හේතුව වුණේ මං. ජන්කුක් ඒකේ ඉත්තෙක් විතරයි. මගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් ඇක්ටර් ජන්කුක් එක්ක මං ගිවිසුමක් ගැහුවා."

"ජන්කුක් ශී මේ ගැන දැනුවත්ද ? ජීමින් ශී කියපු විදිහට ජන්කුක්ට ගිවිසුම වෙනුවෙන් බලපෑමක් වෙලා තියනවද ?"

"ජන්කුක් ශී කියන්නේ ඇක්ටර් කෙනෙක්. කිසිම විදිහක බලපෑමක් වෙලා නෑ. ඒක ෆෑන් සර්විස් එකක් විදිහටයි ජන්කුක් අත්සන් කරේ. විශේෂයෙන්ම ජන්කුක්ගේ රසිකයොන්ට මේ දේ තේරුම් ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ."

"ජීමින් ෂී මේක රසිකයන් නොමග යැවීමක්. ඒක පිලිගන්නවද ?"

"දේ .. අනිවාර්යයෙන්ම පිලිගන්නවා. හැම දෙනාගෙන්ම මං සමාව ගන්න කැමතියි. චෙසොහම්නිදා.. ජන්කුක් ශී චෙසොහම්නිදා .. මං නිසා පත්වුණ අපහසුතාවෙට."

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Donde viven las historias. Descúbrelo ahora