Final chapter

905 164 125
                                    

ජීමින්ගේ කෝටි ගානක් වටින ස්පෝර්ට්ස් කාර් එකයි ජන්කුක් හිටපු පාර්ක් කම්පැණි එකේ වුවමනාවයි නිසා ඇති වුණ ගිවිසුමකට පුලුවන් වුණා දෙන්නෙක්ගෙම ජීවිත වෙනස් කරන්න.
ජීමින් ජන්කුක්ට ආදරේ කියපු දවස .. මං කියන්නේ එදා රාත්‍රිය ජීමින්ටත් ජන්කුක්ටත් දිගු රාත්‍රියක් වුණා.

උණුසුම් හෝරා කිහිපයකට පස්සේ ජීමින් හිටියේ ජන්කුක්ගේ කලුවර කාමරේ අදුරෙ ගිලිලා. ජීමින්ට  අනුව එතන තිබුණ එකම එලිය හද පායලා වගේ තමන්ව තුරුලු කරන් ඉන්න ජන්කුක්.

"කුක්සා .. න් "

"ම්ම් මොකද ?"

අඩ නින්දේ හිටපු ජන්කුක්ගේ නිරුවත් පපුව හූරන ගමන් ජීමින් ඔහුට බාධා කරා.

"දැන් අපේ බොරුව අහු වෙලා තියන වෙලේ මේක ඇත්තක් කියන එක කවුරුත් පිලිගනීද ?"

ජීමින් අහන්න තිබුණ ලොකුම ප්‍රශ්නෙ ඇහුවේ ජන්කුක් ගාව ඒකට විසදුමක් තියෙයිද නැද්ද කියලා නොදැන.

"එක්කෙනෙක් පිලිගන්නවා. ඒ ඇති. "

"කවුද එක්කෙනා ?"

"ඔයාගේ අප්පා !"

"ම්වො .. සෝල්මා ?? අප්පා !? "

ජීමින් ජන්කුක්ගේ උත්තරේ කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ. තමන්ගේ පියා ගැන ජීමින් දැනන් හිටියේ තමන්ගේ ජීවිතේට පිටපත් ලියන කෙනෙක් හැටියටයි.

"ඒයි .. කුක්කා කියනවකෝ. කොහොමද අප්පා පිලිගන්නේ අපිව ?"

ජන්කුක් හිටියේ මහන්සිය නිසා හොදටම නිදිමතෙන්. ජීමින්ගේ ප්‍රශ්න වල ඉවරයක් නැති බව දැන දැනත් ජන්කුක් නිදාගන්න ගත්තු තීරණේ මෝඩ කමක්.

"මං ඔයාව මේ ගෙදරට නිකන් ගෙනාවා කියලා හිතුවද ? හොස්පිටල් එකේදි ඔයා මාව එලවපු දවසෙම මං ගිහින් ඔයාගේ අප්පාට කිව්වා මං ඔයාට ආදරෙයි කියලා."

"ඔයා කියන්නේ ඔයා කියපු ගමන් අප්පා බයක් සැකක් නැතුවම මාව ඔයාට බාරදුන්නා කියලද ?"

"ඔව්. මොකටද බය වෙන්නේ ? බයයි නම් මාත් එක්ක ඩේට් කරන්න එයාගේ පුතාවම දෙයිද ? ඔයා කෙල්ලෙක් වුණා නම් ඔන්න බය වෙන්න තිබ්බා."

•𝙳𝚘𝚗'𝚝 𝙻𝚎𝚊𝚟𝚎 𝙼𝚎• ♡ 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now