🌷Chapter 02❄️

38 15 4
                                    

ඇස් දෙක පියාගෙන හිත හිත හිටපු මට ගෑනු ලමයෙක්ගේ කටහඩක් ඇහුනා. මම හිමීට ඇස් දෙක ඇරලා ඒ පැත්ත බැලුවේ කව්ද මේ මාව දන්න කෙනා කියලා. අවුරුදු 13ක 14ක විතර පුංචි කෙල්ලක් මගේ ඉස්සරහා ඇස්වල කදුලු පුරවගෙන බලාගෙන හිටියා. පොඩ්ඩක් ඉන්න මේ හිනාව මට හොදට දැකලා පුරුදුයි. මේ බෝල ඇස් දෙක

" ජන්මි................... "

" ඔන්නියා..............."

අවුරුදු හයකට පස්සේත් ජන්මිට මාව මතක ද . ඒ බෝල ඇස්වල කදුලු පුරවගෙන මාව බදාගෙන අඩන්න ගත්තා. මමත් ජන්මිව බදාගෙන අඩන්න ගත්තේ අවුරුදු ගානකට පස්සෙ මගෙ පුංචි නංගිව මට දකින්න ලැබුන නිසා. ජන්මි මාව බදාගෙන පැය භාගෙකට වඩා ඇඩුවා. ඒ පුංචි කෙල්ලට කොච්චර සතුටු ඇතිද

" අයියූ දැන් අඩන්න එපා ජන්මියා. කෝ බලන්න ඔය ඇස්වල තියෙන කදුලු ටික පිහද ගන්න. ඔන්නි ආවනේ "

" ඔන්නි හරි ම නරකයි එදා මට කියලා ගියේ ආපහු ඉක්මනින් එනවා කියලා ඒත් ඔයා ආවේ නෑ හැමදාම මම මෙතනට වෙලා ඔන්නි එනකං බලාගෙන හිටියා. I miss you eonni I miss you soo much "

ජන්මි ආපහු මාව බදාගෙන අඩන්න ගත්තා. එයාගේ ඔලුව උස්සලා කෙල්ලගෙ මූනෙ තිබ්බ කදුලු ඔක්කොම පිහදලා දාලා මම ජන්මි එක්ක කතා කරන්න ගත්තා. අපි පැය ගානක් කතා කරා. මේ ගෙවුන අවුරුදු ගානටම ජන්මි මම එනකං බලාගෙන ඉදලා. පව් කෙල්ල එත් මම කොහොම හරි එයාට උන පොරොන්දු ව ඉෂ්ට කරා  මම එයාව බලන්න ආවා. අපි දෙන්නා පාර්ක් එකෙන් එලියට ඇවිත් පාරෙන් එහා පැත්තේ තිබ්බ කැෆේ එකට ගියා. කැෆචිනෝ දෙකක් ඕඩර් කරලා ඒකත් අරගෙන අපි දෙන්නා ගියා අපි දෙන්නයි ඔන්නියි ඔප්පයි දන්න ඒ දේ ගැන හොයන්න

ජන්මි මට එයා ගැන හුගක් දේවල් කිව්වා. එයා හුගක් වෙනස් වෙලා . දැන් මාව මතකවත් නැතුව ඇති. ඔව් ඉතිං මාව කොහොම එයාට මතක තියෙයිද. ජන්මි එක්ක හවස් වෙනකං ඇවිදලා ඔන්නිටත් ලොකු චොක්ලට් එකක් අරගෙන මම ගෙදර ගියා. ගියපු ගමන් ඔන්නිට චොක්ලට් එකත් දීලා කාමරේට ගියේ අද මුලු දවසම ඇවිදලා ඇගට හුගක් මහන්සියි කියලා දැනුන හින්දා. වොශ් එකකුත් දාගෙන කිචන් එකට ගිහින් ඩිනර් එක රෙඩි කරේ හැමදාම ඔන්නි මහන්සි වෙන නිසා අනික ඩිලිවරි එකටත් තව මාස හතරක් වගේ කාලයක් තියෙන්නේ

❥︎♡︎ ᒪIᒪY ♡︎❥︎Where stories live. Discover now