🌷Chapter 04❄️

33 11 2
                                    

" හිමං ගාරම්...... බලාපොරොත්තුවෙ ගංගාව.... "

මට ඇඩෙනවා.. ඔව් මට ඇඩෙනවා.. ඔම්මගෙ උණුසුමක් නොලැබුන මට ඔම්මා කෙනෙක්ගේ උණුසුම , ආදරය හැමදේම දුන්නෙ මගෙ ඔන්නි.. එයා තමා මට මගෙ හොද ම යාලුවා උනේ.. එයා marry කරලත් මාව තනි නොකර බලා ගත්තා..

බලාපොරොත්තුවේ ගංගාව... ඒ කියන්නේ හං ගග ගැන.. ප්‍රින්සස් ට නම දීලා තියෙන්නේ හං ගගේ අර්ථය.. මිනිස්සු කතා වෙනවා මට ඇහිලා තියෙනවා, හං ගග ගාවට ඇවිත් ප්‍රාර්ථනාවක් කරොත් ඒක හැබෑ වෙනවා කියලා.. සමහරක් විට ඒක ඇත්ත වෙන්න පුලුවන්.. ඔන්නිගෙයි ඔප්පගෙයි ආදර කතාව පටන් ගත්තේ හං ගග නිසා..

මම ඔන්නි ගාවට ගිහින් එයාව බදාගත්තා.. මම දන්නවා ඔන්නි ප්‍රින්සස් ට ඇයි හං ගගේ අර්ථය එයාගේ නම විදිහට දැම්මෙ කියලා..

" රස්නෙයි...... "

" වෙනස් වෙන්නේ නෑ මේ කෙල්ලනම් "

පොඩි එකෙක් වගේ ඔන්නිගෙ පපුවට මං තුරුල් උනා.. මම ආසයි ඒකට.. පුංචි එකෙක් වගේ ඔන්නිට තුරුල් වෙලා ඉන්නෙ අවුරුදු ගානකින්... ඒ උණුහුමට මම ආසයි.. මගෙ ඔම්මගෙ උණුසුම...

" හා හා දැන් අයින් වෙනවා.. අවුරුදු 23ක් නේද ආ..... පොඩි එකෙක් නෙවෙයි දැන්... "

" මටමයි මේ වෙනස්කම් "

පොඩි කේන්තියක් අරගෙන මම ඔන්නිගෙන් ඈත් වෙලා සෝෆා එකෙන් වාඩි උනා... ඔන්නිව හෙට ඩිස්චාර්ජ් කරනවා කිව්වෙ.. මට නිදිත් මතයි.. ගෙදර යන්නත් බෑ... කම්මැලිකමටත් එක්ක මම නෝට්පෑඩ් එකට ගිහින් මට හිතෙන දේ ටයිප් කරා.......

කවදා හෝ එක් ආත්මයක....
ආසයි ඔබේ ලිලී මල වී....
මේ ලෝකයේ කොතැනක හෝ....
ඉපදෙන්නට....

මේ ආත්මයේ වගේ ම....
කවදා හෝ ඒ ආත්මයෙත්....
අහම්බයකින් ඔබව....
මුණ ගැසෙන්නට....

මේ ආත්මයේ දී ප්‍රේමයෙන් වෙලෙන්නට....
නොහැකි වුවත්....
ඒ ආත්මයේදී හෝ....
ඔබේ ම ලිලී මල වෙන්නට....

චෙරි මල් පිපුණු ගස් ඇති....
සුන්දර මාවතක අත් අල්ලාගෙන....
ඔබ සමග ආදරයෙන් කාලය ගත කරන්නට....

❥︎♡︎ ᒪIᒪY ♡︎❥︎Where stories live. Discover now