𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 ☾︎❀

176 43 13
                                    

You Are My Wrong Decision ? 🖤
.
.
.
.

ගොඩක් කාලෙකට පස්සේ මට ආයෙමත් එයාගේ උණුසුම දැනෙනවා.. එයා මාව එයාගෙ පපුවට තුරුල් කරගෙන අත් දෙකෙන්ම මාව තද කරලා බදාගෙන.. හරියට මාව කවුරුහරි ඇවිත් එයාගෙන් අරගෙන යනවා වගේ.... අනේ මන්දා එයා මට කොහොම හොදින් සැලකුවත් ඒ හැමදේකම මට අන්තිමේදි හිතන්න දෙයක් ඉතුරු කරනවා... මොනදේ මොන විදිහට උනත් හෙටින් පස්සෙ මං එයත් එක්කම ඉන්නවා.. මොකද මට හොදටම මහන්සියි දුකයි ඒ වගේම තනිකමක් දැනෙනවා එයා මං ළඟ නැති උනාම... මට ඒ වේදනාව දරාගන්න බැහැ ඒ වගේම මම ඒකට වයිර කරනවා..

" මොනවද බනී ඔච්චර ඔයාට කල්පනා කරන්න තියෙන්නේ ම්ම්..... "

" අහ්.. බෝ බෝ ඔයා නැගිට්ටද... "

" ඔව් බනී මං දැන් නැගිටලා ටිකක් වෙලා... ඔයා නැගිටිනකන් හිටියෙ... එන්න නැගිටිමු ගිහින් මොනවා හරි කමු... ඊට පස්සේ ආයේ නිදාගමු හොදද..."

" හරි බෝ බෝ යමු....."

එයා නැගිටලා මාවත් වඩාගෙනම කිචන් එකට ගියා... කෑම මේසේ තිබුන පුටුවකින් මාව ඉන්දෙව්වා....

" බනී ඔයාට ඉදගෙන ඉන්න පුලුවන් නේද..."

" ඔව්... බෝ දැන් නම් ඉස්සර වගේ ලොකු අමාරුවක් නෑ.. ඇවිදින්න තමා බැරි.... "

" හරි බනී ඒකත් ඔයාට ඉක්මන්ට පුලුවන් වෙයි හොදද.... "

එයා මගෙ නලලට හාදුවක් දීලා එහෙම කිව්වාම මට හිතුනා එයාව විශ්වාස කරන්න... ඔව් මට එයා මොන දේ කිව්වා කෙරුවා උනත් එයා ගැන ලොකු විශ්වාසයක් තිබුණෙ නෑ... මොකද එයාමයි මාව මේ තත්වෙට පත් කෙරුවේ... එයාට සාදාරන හේතුවක් තියෙන්න ඇති මට එහෙම කරන්න... එයා එයාගෙ පැත්තෙන් හරි ඇති..ඒත් මගෙ පැත්තෙන් ඒක හරිද... නෑ කොහොමටවත් නෑ... මං එයාව මටත් වඩා විශ්වාස කෙරුවා... ඒත් එයා අන්තිමේදි මට බොරු කරා....

එයා කෑම හදන දිහා මං බලන් ඉන්නකොට මට මතක් උනේ මාත් ඉස්සර එයා වෙනුවෙන් කෑම හදනකොට එයා හැමතිස්සෙම මාව පිටිපස්සෙන් බදාගෙන කෑම හදලා ඉවර වෙනකන් ම කෝලම් කර කර ඉන්න විදිහ.. ඔව් එයා ආදරනීයයි ටිකක් නෙමේ මහ ගොඩක්..... එයා හැමතිස්සෙම මාත් එක්ක හිටියා... මං වැඩකට එලියට ගියාම එයා මං එනකන් බලන් ඉන්න විදිහ.... ඒ වගේම එයත් වැඩවලට ගියාම පරක්කුවෙලා එනකොට මට එයා එනකන් බලන් ඉදලා නින්ද ගියාම එයා මාව ඇදෙන් තියලා. පරක්කු උනාට සොරි මගෙ බනී... මං ඔයාට ආදරෙයි බනී... කියනකොට මට එයා ගැන මහ ගොඩක් ආදරේ දැනුනා.... ඒත් ඇයි එච්චර ආදරනීය උන මගෙ බෝ බෝ වෙනස් උනේ....

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐖𝐫𝐨𝐧𝐠 𝐃𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 ? -  𝐹𝐹 - 𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 Where stories live. Discover now