Taehyung's POV
මට සිහිය එනගමන් තිබුනෙ. මට අන්තිමට මතක ජන්ග්කුක්ගේ තත්ත්වෙ ගැන ඩොක්ටර් කිව්ව්ම එතනම බිම මාව වැටුනා කියලා විතරයි.
මං ඇස් දෙක අරින්න ට්‍රයි කරා. මට දැනුනා මොකක් හරි සිනිඳු දෙයක් මගේ තුවාල වෙලා තිබුනු අතේ ගෑවෙන විදිහ. තව මට ඇහුනා හීනියට කවුරුහරි ඉකිගහන සද්දෙකුත්. අන්තිමේදි හිමින් ඇස් ඇරිය මං දැක්කේ මෙඩිකල් සෙන්ටර් එකේ සුදු පාට සිවිලිම.
මං මගෙ තුවාල අත දිහා බැලුවා. මගෙ තුවාලෙට බෙහෙත් දාලා බැන්ඩේජ් කරලා තිබුනා. ඒත් ඒකෙ නෙමෙයි වැදගත්ම දේ.
ජන්ග්කුක්,
ජන්ග්කුක් හිටියෙ මං හිටපු ඇඳ ගාව බිම වාඩි වෙලා, මගෙ උරිස්ස ගාව අත උඩ මූන තියාගෙන එහා පැත්ත හැරිලා, මගෙ තුවාලෙට මූන දාලා. මට එයාගෙ මූන පෙනුනෙ නෑ. ඇත්තම කිව්වොත් එයා හිටියෙ මගෙ අත බදාගෙන. එයාගෙ සුදු පාට දිග කොණ්ඩේ මගෙ මූනෙ යාන්තම් වැදුනා. එයාගෙ කොණ්ඩෙ සුවඳ පවා මට දැනුනා. එයාගෙන් එන්නෙ බබෙක්ගෙන් එන සුවඳ. මං හිනා වුනා.
මට තේරුනා එයා මගෙ තුවාලෙ තියෙන හරියෙ අත ගානවා. ගොඩක් සිනිඳුයි, ඒ ස්පර්ශය මට ලොකු සනීපයක් ගෙනාවා. ඒ වගේම ඉකි ගහන සද්දෙන් මට තේරුනා එයා අඬනවා කියලා. අනේ දෙයියනේ මේ කොල්ල නම්~ පිස්සු කෝළම. ඇයි මෙයා මට මෙච්චර කැමති?
ඒත් ඊළඟට තමා මට මතක් වුනේ කලින් ජන්ග්කුක්ට වෙච්ච දේ. කලබලෙන් මං එකපාරට නැගිට්ටම එයා ගැස්සිලා නැගිට්ටා. මං ඉක්මනින් එයාගෙ මූන අත් දෙකෙන්ම අල්ලලා එයාව චෙක් කලා.
"ඔ-ඔයාට කරදරයක් නෑ නේද? දැන් කොහොමද?" මං ඇහුවම තාමත් සිද්ද වෙච්ච දේ නිසා ශොක් වෙලා හිටපු ජන්ග්කුක් යන්තම් හිස වැනුවා.
"ද්-දැන් හොඳයි." ජන්ග්කුක් කිව්වම හුස්මක් හෙළපු මං හෙඩ් බොඩ් එකට හේත්තු වුනා. ඒත් හදිස්සියෙ අත හෙල්ලුන නිසා දැනිච්ච රිදිල්ලට මට කෑගැස්සුනා.
"ආආඅහ්!!"
"හ්-හියුන්!" ජන්ග්කුක් ඉක්මනට මගෙ අත පරිස්සමින් අල්ල ගෙන මාව හෙඩ් බෝඩ් එකට හේත්තු කලා.
YOU ARE READING
My Human 🐺❤️ || Taekook (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 Taekook fanfiction #TopTae #BottomKook 🚫DON'T COPY MY WORKS🚫