මේ විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා. යුනි එකේ ආයුධ පාවිච්චි කරලා ළමයෙක්ට හානි කිරීමේ වරදට මින්ජුන්ට මාසයක පන්ති තහනමක් නියම වුනා. ඒකෙන් වැඩිපුරම සතුටු වුනේ අනිවාර්යයෙන්ම ටේහ්‍යුන්.
එතකොට ජන්ග්කුක් ආයිත් පරණ සුපුරුදු කටකාර දඟකාර ජන්ග්කුක් බවට පත් වෙලා තිබුනා. එයා හැමවෙලේම ටේහ්‍යුන්ගේ අතේ එල්ලීගෙන හිටියේ කෝලා පැටියෙක් වගේ. ටේහ්‍යුන් ඒකට මොකුත් නොකිව්වත් සමහර වෙලාවට එයා ජන්ග්කුක්ව තල්ලු කරද්දී එයා ආයිත් කාන්දමක් වගේ ටේහ්‍යුන්ගෙ ඇඟේ ඇලිලා හිටියා.
යුන්ගිට එයාගෙ අප්පා මාක් රස්සාවක් හොයලා දීලා තිබුනා. විද්‍යාගාරයක අත් උදව් කරුවෙක් විදිහට. ඒක පෙනුමෙන් සුලු රැකියාවක් වගේ පෙනුනත් ඒ විද්‍යාගාරය හිතුවට වඩා ගොඩක් විශාල එකක්. එයා වගේ තව සේවකයෝ දහස් ගනන් ඒකෙ හිටියා. එයාගෙ පඩියත් සැළකිය යුතු මට්ටමින් හොඳ පඩියක් වුනා. මාක් කොහොම නම් එයාව මේ තරම් හොඳ තැනකට දැම්මද කියලා එයාට හිතා ගන්න බැරි වුනා.
එතකොට අද ඉරිදාවක්. සුපුරුදු පරිදි ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ගෙදර දුවන ගමන් හිටියා.
"යූරි ඔම්මා!!!" ටේහ්‍යුන් ගාවට යන්න කලින් කුස්සියට දිව්ව ජන්ග්කුක් යූරිගෙ කරට පැන්නා.
"ඔහ් කොල්ලො මගෙ කොන්ද!" යූරි කෑගැහුවත් උද්‍යෝගයෙන් හිනා වෙමින් හිටිය ජන්ග්කුක්ට නම් ඒක ගානක් වුනේ නෑ.
"ආ මං අල්ල ගන්නමයි ඉඳියෙ. ඔයා මෙච්චර කල් කොහෙද හිටියෙ? ඔයාගෙ මේට් හිටියෙ දාහට අරන් සීයට දුන්නා වගේ." යූරි කිව්වම ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරගත්තා.
"ඒ කිව්වෙ මොකද්ද? මේට් මොනවද සීයට දුන්නෙ?" ජන්ග්කුක් ඇහුවම යූරි හුස්මක් හෙලුවා.
"අහ් නෑ මුකුත් නෑ. ඒක නෙමෙයි පුතා අද මොකෝ මෙච්චර සතුටින්?" යූරි ඇහුවම ජන්ග්කුක්ගේ මූන ආයිත් එළිය වුනා.
"යූරි ඔම්මා දන්නවද වැඩක්?!!" ජන්ග්කුක් හයියෙන් කිව්වම යූරි එක අතකින් කන පිරිමැද්දේ ජන්ග්කුක්ගේ සද්දෙට. ඒත් ඒවා තේරුම් ගන්න සිහියකින් නෙමෙයි ජන්ග්කුක් හිටියේ.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫