යුනි ඇරිලා ගෙදර ආපු ටේහ්‍යුන් දැක්කේ ගෙවත්තේ පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්න ජන්ග්කුක්ව. ඒත් ඒ අපහසු පුටුව උඩ ජන්ග්කුක්ට නින්ද ගිහිල්ලා කියලා දැක්ක ටේහ්‍යුන්ට පුංචි කේන්තියක් ඇති වුනා. ඒ මදිවට ඇඳන් හිටපු ශර්ට් එක බාගෙට ඉස්සිලා එයාගෙ baby bump එකත් බාගෙට නිරාවරණය වෙලා තිබුනා.
එයා දැක්කා යූරිත් එතනම පුටුවක වාඩි වෙලා එයා දිහා හිනා වෙවී බලන් ඉන්න හැටි. ඒත් ටේහ්‍යුන් නම් රැව්වා.
"ඔම්මා, ඇයි එයා එළියෙ. බලන්න නින්දත් ගිහින්, ඇඟත් රිදෙනවා ඇති. ඇයි එයාව ඇතුළට එක්කන් නොගියෙ?" ටේහ්‍යුන් හිමින් ඇහුවේ ජන්ග්කුක්ගේ ශර්ට් එක හරිගස්සමින්.
"එයාට ඔයා එනකන් ඉවසිල්ලක් තිබුනෙ නෑ පුතා. ඒකයි මං එපා කියද්දිත් අද දවල් ඉඳන්ම පුටුවකුත් අරන් ඇවිත් ඔය ඉඳගෙන හිටියේ."
"දවල් ඉඳන්ම?" ටේහ්‍යුන් ඇහුවේ විශ්වාස කරන්න බැරුව.
"ඇයි ඒ? වෙනදට ඔහොම නෑ එයා." ටේහ්‍යුන් කිව්වම යූරි හිනා වුනා.
"ඔන්න ඔයාගෙ හා බෝලෙ අද කික් කරලා. ඒක කියන්නයි එයා ඔයා එනකන් මගබලන් හිටියෙ." ඒක කිව්වම නම් ටේහ්‍යුන්ගේ ඇස් සතුටින් දිලිසුනා.
එයා ඉක්මනින් ජන්ග්කුක් ගාව දණ ගහගෙන එයාගෙ ශර්ට් එක උඩට උස්සලා බඩට කන තිබ්බම යූරි ඇස් දෙක රෝල් කරා.
"කන නෙමේ අත තියලා බලන්න." යූරි කිව්වා.
"ආ" හිනා වුනු ටේහ්‍යුන් ඊළඟට එයා අත් දෙකෙන්ම ජන්ග්කුක්ගේ කුස අල්ල ගත්තා.
"පැටියෝ~ කෝ අප්පාටත් පෙන්නන්නකො ඔයා කික් කරනවා." ටේහ්‍යුන් කිව්වේ ජන්ග්කුක්ගේ කුසට ළං වෙලා. ටික වෙලාවක් මුකුත්ම නොතිබුනත් ටිකකින් ටේහ්‍යුන්ගේ වම් අතට දැනුනා පුංචි පහරක්.
"ඔ- ඔහ්" ටේහ්‍යුන් පුදුමයෙන් ඇස්දෙක ලොකු කරන් යූරි දිහා බැලුවා.
"ඔම්මා ඔයත් ඇවිත් බලන්නකො!!" ටේහ්‍යුන්ගේ උද්‍යෝගිමත් කෑගැහීමට ජන්ග්කුක්ව උඩ විසික්වෙලා ඇහැරුනා.
"අයියෝ සොරි පැටියෝ." ටේහ්‍යුන් කිව්වත් එයා ඇවිත් කියලා දැක්ක ජන්ග්කුක් සතුටින් හිනා වුනා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫