"ටඩා!!"
ටේහ්‍යුන් කිව්වේ එයාගෙ පිටිපස්සෙ හංගන් හිටපු පුංචි බලු පැටියව පෙන්නමින්.
"ඔයාටයි බබාටයි පාළු දැනෙන එකක් නෑ දැන් මේ චූටි බලු පැටියා ඉන්න කොට." ටේහ්‍යුන් කිව්වේ බලාපොරොත්තු සහගත බැල්මකින් ජන්ග්කුක් දිහා බලමින්.
ඒත් ජන්ග්කුක්ගේ මූනෙ මෙච්චර වෙලා ඇඳිලා තිබුනු බනී හිනාව නැතිවෙලා ඇස් නිල්පාටින් දිලිසුනාම ටේහ්‍යුන්ගේ හිනාව අතුරුදහන් වුනා. කේන්තියෙන් බලු පැටියා දිහා ජන්ග්කුක් බලන් ඉන්න විදිහ එයා දැක්කා.
"ඔහ් ඔයා කැමති නැද්ද මෙයාට?" ටේහ්‍යුන් ඇහුවේ පුදුමයෙන්. ඊටපස්සෙ බලු පැටව්න්ට ගොඩක් ආදරේ කරන එයා එයාගෙ අතේ ගුලි වෙලා හිටපු බලු පැටියට හාදුවක් දුන්නේ එයාව හුරතල් කරමින්. ඒත් ටේහ්‍යුන් වැඩේ වරද්ද ගත්තා.
ජන්ග්කුක්ගෙන් ලොකු ගෙරවීමක් පිට වුනාම ටේහ්‍යුන්ගේ අතේ හිටපු බලු පැටියා ජන්ග්කුක්ට බුරන්න පටන් ගත්තා. හොඳින් ඉව තියෙන බලු පැටියට තේරුනා මේ ඉන්නෙ මනුස්සයෙක් නම් නෙමෙයි වෘකයෙක් කියලා. ඊළඟට තිබුනේ බලු වෘක සටනක්. ජන්ග්කුක්ගේ ගෙරවීමත් බල්ලාගෙ බිරීමෙනුත් එතන තිබුනේ එකම යුද්ධයක්.
"ජන්ග්කුක් ඕක නවත්තන්න." ටේහ්‍යුන් කිව්වේ අතේ ඉන්න බලු පැටියව සන්සුන් කරන්න උත්සාහ කරමින්.
"JK ශිෆ්ට් වෙන්න නම් එපා. පැටියට මොකක් හරි වෙයි." ජන්ග්කුක් බයෙන් කිව්වේ JK ගේ කේන්තිය දන්න නිසා.
"මට ඒ ජරා සතාව මරලා දාන්න ඕනෙ. ඌ කොහොමද මගේ මේට්ගෙ අතේ ඉන්නෙ?!" JK කෑගැහුවා.
"හියුන්ගි, ඔය ජරා සතාව මෙහෙන් එළවලා දාන්න මේ දැන්ම!!" ජන්ග්කුක් කෑගැහුවම ටේහ්‍යුන් එයා දිහා බලන් හිටියේ බයෙන්.
"එ-ඒත් කුක් මෙයා ගෙයක් නැති අහිංසක පොඩි බලු පැටියෙක්. ඔයාට පුලුවන් මෙයා එක්ක ඉන්න මං නැතිවෙලාවට. අපි මෙයාව හදාගමු." ටේහ්‍යුන් කිව්වේ එයා ගොඩක් බලු පැටව්න්ට ආස නිසා.
ඒත් ටේහ්‍යුන් එයා කියන දේ අහන්නෑ කියලා තේරුනු ජන්ග්කුක් අඬන්න පටන් ගත්තා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫