40

2.3K 356 100
                                    

Two months later

මාස දෙකක් ගෙවිලා ගියා. එයාලගෙ ගෙදරට දැන් තුන් පාරක්ම හොරෙන් පිරිසක් ඇතුලු වෙද්දී එයාලට තවත් මේක බලන් ඉන්න බැරි වුනා. ඉතින් යූරි මාස දෙකකට කලින්ම පොලීසියේ පැමිණිල්ලක් දැම්මේ මේ ගැන පරීක්ෂණයක් කරන්න. මාස දෙකක් ගෙවිලා ගියත් තාමත් පොලීසිය ඒකට උනන්දුවක් දක්වන්න කැමැත්තක් නෑ වගේ.

"මොකෝ කිව්වෙ ඔම්මා?" ටේහ්‍යුන් ඇහුවේ යූරි ගෙදරට ඇතුලු වුනු හැටියෙමයි.

"හහ්, පරීක්ෂණ කරන ගමන්ලු ඉන්නෙ. හීනෙන්ද දන්නෑ. අපේ ගෙදර පැත්තවත් බලන්නැතුව උන්ට සාක්ෂි හම්බ වෙන්නෙ මැජික් එකකින් වෙන්නැති." යූරි කිව්වේ එයාගෙ කේන්තිය පාලනය කරගන්න උත්සාහ කරමින්.

"මෙතන මොකක් හරි අපි නොදන්න දෙයක් සිද්ද වෙනවා ඔම්මා." ටේහ්‍යුන් කිව්වම යූරි හිස වැනුවා.

"අනිවාර්යෙන්, උන් මේක යට ගහන්න හදන්නෙ. අපිට අපේම පරිස්සම බලාගන්න වෙනවා." යූරි අන්තිම ටික කිව්වේ දුකින් ටේහ්‍යුන්ට තුරුල් වෙලා නින්ද ගිහින් තිබුනු ජන්ග්කුක් දිහා බලමින්.

මේ මාස දෙකේම කිව්වා වගේම එයාලම එයාලගෙ ආරක්ෂාව පරිස්සම ගැන බලා ගත්තා. ටේහ්‍යුන් යුනි යන එක නවත්තලා ගෙදර ඉඳන්ම වැඩ කරමින් ජන්ග්කුක් ළඟින්ම පැය විසිහතරම හිටියා. ජන්ග්කුක්ද එයාට කොහෙවත් යන්න දුන්නෙ නෑ. ඒ වගේම නම්ජුනුත් දැන් එහෙ නැවතිලා හිටියා වගේම වන ජීවි එකේ යූරිගෙ යාළුවොත් ජන්ග්කුක්ට ආරක්ෂාව සපයන්න දිවා කාලයේදී එහෙ එන්න පුරුදු වෙලා හිටියා.

එතකොට යුන්ගි එයාගෙ ජොබ් එකෙන් පුලුවන් තරම් නිවාඩු අරගෙන එයාගෙ බනී වෙනුවෙන් ගෙදර නැවතුනා. එයා එයාගෙ වෘක ස්වරූපයට පරිවර්තනය වෙලා දවල් රෑ දෙකේම යූරිගෙ ගෙදරට ආරක්ෂාව උපරිමෙන් සැපයුවා. ජිමින්, හෝසොක්, ඇමී තුන් දෙනත් යූරිගෙ ගෙදර ඇවිත් ජන්ග්කුක් එක්ක කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියා. මේ හැමදේකින්ම ජන්ග්කුක්ගේ හිතේ තිබුනු බය වගේම පීඩනය නැති කරන්න පුලුවන් වුනා. එයාට කලින්ට වඩා ආරක්ෂාවක් කට්ටියම එයා වටේ ඉන්නකොට දැනුනා. හැබැයි කවුරු ළඟ හිටියත් එයා විශ්වාස කලේ, එයාට සම්පූර්ණ ආරක්ෂාවක් දැනුනේ ටේහ්‍යුන් ගාවදි විතරයි.

My Human 🐺❤️ || (Complete)Where stories live. Discover now