24

2.3K 374 83
                                    

සතියක් ගෙවිලා ගිහින්, ටේහ්‍යුන් කාමරේට වෙලා එයාව හිරකරගෙන. ඒ සතියම යුනි යන්නවත් එයාට උවමනාවක් තිබුනෙ නෑ. බඩගින්නෙ ඉඳලා ඉඳලා මැරෙන්නම වගේ යනවනම්, ජීවත් වෙන්න ඕන නිසා විතරක් එයා කාමරෙන් එළියට ඇවිල්ලා මොනවහරි දෙයක් බඩට දාගෙන ආයිත් කාමරේට ගිහින් ලොක් කරගත්තා. එයාට මැරෙන්න ඕන වුනේ නෑ, එයා කාලයට ඉඩදීලා බලන් හිටියේ මේ සේරම විසඳෙනකන්. එයාට එයාගෙ හා පැටියව ආයිත් ඕනෙ.

මුලු රෑ පුරාම ටේහ්‍යුන් ඇඬුවා, ඇඬුවා, ඇඬුවා. ජන්ග්කුක්ගේ හුරතල් මූන මතක් කරමින් ඇඬුවා. එයාට ජන්ග්කුක්ට වෛර කරන්න ඕනෙ, ඒත් ඒ හුරතල් මූන මතක් වෙද්දි එයාට ඒක කරන්න බෑ.

එතකොට ජන්ග්කුක්? එයත් මේ සතියම දුක් වින්දා. එයා වැඩිපුරම හිටියේ ටේහ්‍යුන්ගේ ගෙදර. එයා ටේහ්‍යුන්ගේ කාමරේ ඉස්සරහට වෙලා මුලු දවසම ගත කලා. රාත්‍රියෙදිත් එයාගෙ මේට්ගෙ ආරක්ෂාවට එයා එළියට වෙලා සීතලේ ගැහි ගැහි බලන් හිටියා. ටේහ්‍යුන්ගේ වේදනාව මේට් බැඳීම හරහා ජන්ග්කුක්ටත් තදින් දැනුනා. ටේහ්‍යුන් අඬද්දී ඒ හැම රෑකම එයත් ඇඬුවා.

ටේහ්‍යුන් දන්නවා ජන්ග්කුක් හැමදාම එයාගෙ කාමරේ ඉස්සරහට වෙලා ඉන්නවා කියලා. සතියකට කලින් පළවෙනි දවසේ..

ටේහ්‍යුන් එළියට එන්න දොර අරිද්දී ජන්ග්කුක් එතන ඉස්සරහා හිටියා.

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ මූනවත් බැලුවෙ නෑ.

"ම්-මෙතනින් යන්න." ටේහ්‍යුන් සන්සුන්ව කිව්වා.

"බ්-බෑ හියුන්."

"තමුසෙ වදයක් නොවී මෙතනින් යනවා!!" ටේහ්‍යුන් කඳුලු පිරුනු ඇස් වලින් ජන්ග්කුක්ට කෑගැහුවම ජන්ග්කුක් ගැස්සුනා.

"බෑ හියුන්. අපි පොරොන්දු උනා, ඔයා මට වෛර කලත් අපි වෙන්වෙන්නෙ නෑ කියලා. ඔ-ඔයා මාව ගහලා පැන්නුවත් මං යන්නෑ!!" ජන්ග්කුක් කිව්වේ නොහඬා ඉන්න උත්සාහ කරමින්. දඩාස් ගාලා ජන්ග්කුක් ඉස්සරහම දොර වහපු ටේහ්‍යුන් කාමරේ ඇතුලෙ එතනම බිම වාඩි වෙලා හඬා වැටුනා.

"ම්-මට සමාවෙන්න පැටියෝ." ටේහ්‍යුන් තමන්ටම මුමුණ ගත්තා.

"අ-අප්පා, ම්-මං එයාට ආදරෙයි. එ-ඒත් එයාගෙ වර්ගෙ අය නිසයි ඔ-ඔයාව මට නැති උනේ අප්පා. එ-ඒ වගේ කෙනෙක් ම-මගෙ ජීවිතේ අනිත් කොටස කරගන්න මට බෑ. ජන්ග්කුක්, ඇයි ඔයා වෘකයෙක් උනේ පැටියෝ. ම්-මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ." ටේහ්‍යුන් හිටියේ ව්‍යාකූල වෙලා. ආදරයත් වෛරයත් අතර හිර වෙලා.

My Human 🐺❤️ || (Complete)Where stories live. Discover now