"අනේ වුල්ෆි මට බයයි." ජන්ග්කුක් ඒ රෑ කිව්වේ ඔය දහස් වෙනි වතාවට. එයාගෙ හිතට කිසිම නිදහසක් තිබුනෙ නෑ. මින්ජුන් ටේහ්‍යුන්ව මරන්න යන්නේ ඊළඟට කොයි විදිහටද කියලා එයාට හිතාගන්න බැරි වුනා. එයා අද දැක්කා මින්ජුන් යුනි ඇවිත් කියලා.
කලින් සිදුවීම නිසා එයාට JK ට පරිවර්තනය වෙලා ආයිත් ටේහ්‍යුන්ගේ ආරක්ෂාවට එයාගෙ ගෙදර වටෙත් කැලෑවෙත් සැරි සරන්න තිබුනේ පුදුම බයක්. ඉතින් දැන් එයා ඇඳට වෙලා දස අතේ කල්පනා කරේ ටේහ්‍යුන්ගේ ආරක්ෂාව ගැන බලන්න වෙන ක්‍රමයක් හිතමින්.
"කුක්"
"හ්ම්ම්?"
"මං දන්නවා කරන්න ඕනෙ මොකද්ද කියලා."
"මොකද්ද?"
"හරිම සරලයි. ඔයා රෑට එයත් එක්කම ඉන්න. මේට් කොහොමත් එපා කියන එකක් නෑ." JK කිව්වම ජන්ග්කුක් සතුටින් හිනා වුනා.
* * * * * * * * *
වෙලාව රෑ 11 යි. හෙට ඉරිදාවක් නිසා උදේ වෙනකන් නිදාගන්න පුලුවන් කියලා හිතලා ටේහ්‍යුන් එයාගෙ යුනි එකේ වැඩ වගයක් කරමින් කාමරේ හිටියා. අන්තිම වැඩෙත් ඉවර කරපු ටේහ්‍යුන් පෑන තදින් පොත උඩින් තියලා අත් දෙක දිග ඇරලා හිරි අරිමින් ලොකු ඈනුමක් ඇරියා.
ඊටපස්සෙ ලැප්ටොප් එක ඕෆ් කරපු එයා නිදාගන්න සූදානමින් ඇඳට නගින්න හැදුවත් සර සර සද්දයකුත් අතු බිඳෙන සද්දයකුත් ජනේලේ ගාවින්ම ඇහෙනවත් එක්කම හිටි තැන ගල් වුනා. ඒත් ඊළඟට එයාව හොඳටම බය කරමින් ඇහුනේ කෙනෙක් ගිරියටින් කෑගහන සද්දයක්.
වේගෙන් ජනේලේ ගාවට දුවලා ගිය ටේහ්‍යුන් ඉක්මනින් ජනේලෙ ඇරලා වටපිට බැලුවත් කිසිම දෙයක් පේන්න තිබුනෙ නෑ.
"හ්-හියුන්ගී~" සුපුරුදු කටහඬක් ඇගෙනවත් එක්කම ටේහ්‍යුන් ඇස් දෙක ලොකු කරගෙන කටහඬ එන දිහාව හෙව්වත් අඳුරේ එයාට කාවවත් දකින්න පුලුවන් වුනේ නෑ.
"හියුන් මම මෙතන පහළ." ආයිත් ඒ හඬ ඇහෙනවත් එක්කම තව ටිකක් ජනේලෙන් එබිලා ටේහ්‍යුන් පහළ බැලුවා.
එතන තිබුනු ගහේ ජනේලෙට ටිකක් පහළින් තිබුනු අත්තේ සුදු පාට ඔලුවක් දකිනවත් එක්කම ටේහ්‍යුන්ට වැඩේ තේරුනා.
YOU ARE READING
My Human 🐺❤️ || (Complete)
Fanfictionමේ මිනිසෙකුගෙත්, මිනිස් වෘකයෙකුගෙත් ප්‍රේම වෘතාන්තය.. 💞 🚫DON'T COPY MY WORKS🚫