54

2.8K 387 343
                                    

සෝල් ඉඳන් බූසන් හරහා දිවෙන මාවතේ රිය පදවමින් හිටපු ටේහ්‍යුන් නොඉවසිල්ලෙන් සුක්කානමට ඇඟිලිවලින් තට්ටු කලේ එයාගෙ පුංචි පවුල බලන්න තිබුනු නොඉවසිල්ලට.

එයාගෙ සිතුවිලි වලට බාදා කරමින් එයාගෙ ෆෝන් එක රින් වුනා. Caller ID එක දැක්ක එයාගෙ මූනෙ නිතැනින්ම මදහසක් නැගුනා. ෆෝන් එක බ්ලූ ටූත් එකට කනෙක්ට් කරලා තිබුනු නිසා රිය පැදවීමට බාදවක් නොවන පරිදි කෝල් එක ආන්ස්වර් කරන්න එයාට පුලුවන් වුනා.

"හෙ-"

"හෙලෝ හියුන්-"

"අලෝ පපා!! නානා චුච්චු නානා චුච්චු!!" මීසුගෙ හඬ ඇහෙනවත් එක්කම ටේහ්‍යුන් කාර් එක බ්‍රේක් කරලා ඉක්මනින් කනේ තිබුනු බ්ලූටූත් ස්පීකර් එක ගැලෙව්වේ කන පිරිමදිමින්. මොනා උනත් ජන්ග්කුක්ගේ ටකරන් කට මීසුටත් ඒ විදිහටම පිහිටලා තිබුනා. ජන්ග්කුක් මේ අතරේ මීසුට දාගෙන රැව්වේ එයාගෙන් ෆෝන් එක උදුරගත්ත නිසා.

බ්ලූටූත් එක අයින් කරපු ටේහ්‍යුන් ෆෝන් එක අරන් කනේ තියාගත්තා.

"ඕ~ මීසු බබාට මොනවද ඕනෙ හ්ම්ම්?" ටේහ්‍යුන් ඇහුවා.

"පපා!! නනා තුත්තු!"

"හරී~ පපා නනා චුච්චු එන ගමන් මමාටත් එක්ක ගේන්නම් මීසූ~" ටේහ්‍යුන් කිව්වා.

"නූ~ මමා නූ~ මීතු මීතු."

ටේහ්‍යුන්ට හිනා ගියා.

"මීසු~ ආයිත් මමා එක්ක රණ්ඩු උනාද හ්ම්ම්? මං කියලා නම් ආවේ පපා නැති වෙලාවෙ මමාට කරදර කරන්නැතුව එයාව හොඳට බලාගන්න කියලා." ටේහ්‍යුන් කිව්වම එහා පැත්තෙන් ඇහුනේ නිශ්ශබ්දතාවයක්.

"කෝ මෙහෙ දෙන්න මට. හෙලෝ හියුන්ගි?"

"Love ඔයාට මොනවද ඕනෙ. මං දැන් එන ගමන්."

"හියුන්ගි මට ස්ට්‍රෝ-

නානා චුච්චූ!!"

ටේහ්‍යුන් නළල පිරිමදිමින් හිනා වුනා.

"මීසූ~ මමාට ෆෝන් එක දෙන්න හොඳ බබා වගේ."

"මීසු මං පපා ආවම සේරම කියනවා හරිද? කෝ මෙහෙට දෙන්න!"

ඊළඟට ටේහ්‍යුන්ට ඇහුනේ මීසුගෙ ගිරියටින් කෑගහන සද්දෙ.

My Human 🐺❤️ || (Complete)Where stories live. Discover now