51

2.1K 344 154
                                    

"හ්-හනා ම්-මොකද්ද කරන්න හදන්නෙ?" මිනිස් ස්වරූපයට පරිවර්තනය වෙලා හිටපු මාක් ඇහුවේ එයා ගාවට ටික ටික ළං වෙන හනාගෙන්.

නිහඬවම මාක් ගාවට ළං වුනු හනා දිහා එතන හිටපු හැමෝම බලන් හිටියේ කුතුහලයෙන්. ඊළඟට සිද්ද වුනේ හැමෝම පුදුමයට පත් කරන දෙයක්. හනා බිම හිටපු මාක්ගෙ මට්ටමට පාත් වෙලා එයාව බදාගත්තම මාක් සැනසීමෙන් හුස්මක් හෙළලා ඇස් දෙක පියා ගත්තා.

මාක්ගෙ මූනෙ මදහසක් නැගුනා. එයත් හනාගෙ ඉන වටා අත් යවලා එයාව බදාගත්තා.

ඒත් ඊළඟ මොහොතේ එයාව ගැස්සුනා වගේම එයාගෙ ඇස් කම්පනයෙන් විවර වුනා. හනා වටේ තිබුනු එයාගෙ අත් තවත් තද වුනේ එක පාරටම සිදු වුනු දේ එක්ක.

"හ්-හනා?" මාක්ගෙ ඇස් වලින් කඳුලු බේරුනා.

ඔව්, හනා මෙච්චර වෙලා හන්ගගෙන හිටපු ඉන්ජෙක්ට් එක එයා මාක්ව වැළඳගෙනම මාක්ට ඉන්ජෙක්ට් කලේ ඇස් වලින් කඳුලු බේරෙද්දි.

"ඇ-ඇයි?" මාක් ඇහුවේ තවත් හනාව එයාට තුරුලු කරගනිමින්.

"ඔ-ඔයා ජීවත් වෙලා ඉන්න සුදුසු කෙනෙක් නෙමෙයි මාක්. ඔයා නිසා ගොඩක් පවුල් අසරණ වුනා. ඇ-ඇයි ඔයා නපුර තෝරග්ත්තෙ හහ්?" හනා ඇහුවේ හොඳටම අඬන ගමන්. මාක් හයියෙන් කැස්සා. එතකොටම එයාගෙ මුවින් රුධිරය ගලාගෙන ගියා.

"ම්-මට වෙන කරන්න ද්-දෙයක් තිබුනෙ නෑ හනා. ම්-මට ඕනෙ සල්ලි." මාක් කිව්වම හනා තද කරලා ඇස් දෙක පියාගත්තා.

"ම්-මං ඔයාට ආදරෙයි හ-හනා." මාක්ගේ සිරුරේ බර ඊළඟ මොහොතේ හනාට දැනුනා. එතකොටයි එයාගෙ ඇස් ඇරුනෙ. එහෙන්ම මාක්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර බිමින් ඇල කරපු එයා ටිකක් වෙලා මාක්ගේ නිසල මුහුණ දිහා බලන් හිටියා.

"ඔ-ඔයා ආදරේ කලේ මට නෙමෙයි මාක්, සල්ලි වලට." කිව්ව හනා එයාගෙ කඳුලු පිස දාගෙන එතනින් නැගිට්ටලා අනිත් පිරිස ගාවට ගියා. එයාලා හැමෝම එතනින් ගියේ පොලීසියට ඉතුරු රාජකාරි ටික කරගන්න දෙමින්.

මාක්ගේ නිසල ඇස් යොමු වෙලා තිබුනේ හනා දිහාවට. ආදරණීය පවුල් දහසක් පමණ විනාශ කරපු පාපයට මාක් එයා ආදරය කරපු කෙනා අතින්ම ඒ විදිහට ජීවිතයට සමු දුන්නා.

My Human 🐺❤️ || (Complete)Where stories live. Discover now