9❤

1.1K 288 42
                                    

Author's POV

Few days later ,

සීක්‍රට් , ජිමින් , හේසල් තුන් දෙනා කතා කර කර College එකෙන් එළියට ආවේ ගෙදර යන්න හිතාගෙන... ඒත් ඒ ත්‍රිබලට වැඩි දුරක් යන්න වුණෙ නැහැ...

-"SECRET!!!"

ඒ කටහඬ ඇහුණ ගමන්ම සීක්‍රට් එතනම නතර වෙලා පිටිපස්ස බැලුවා... සීක්‍රට්ලා ඉන්න තැනට හති දාගෙන දුවගෙන ආවේ ටේහ්‍යුන්ග් වගේම ජන්ග්කුක්...

-"යාහ්... තමුසෙ මාව දාලා ගියා නේද? කුප්ප සෝල්මේට්!!!" ටේහ්‍යුන්ග් කිව්වෙ ජිමින්ට පයින් පාරක් ගහන ගමන්...

සෝල්මේට්ලගෙ රණ්ඩු ගානකට නොගෙන ජන්ග්කුක් සීක්‍රට්ගෙ පැත්තට හැරිලා කතා කරන්න ගත්තා...

-"ඔයා එවපු මැසේජ් එක මට ලැබුණා... ඇයි අද Lessons කරන්න බෑ කිව්වෙ?"

-"පො-පොඩි හේතුවක් නිසා..."

-"හ්ම්ම්... හෙට එහෙනම් පැය හයක් එක දිගට lessons කරමු... අද එකත් එක්ක..." එහෙම කියපු ජන්ග්කුක් එතනින් යන්න ගියෙ සීක්‍රට් වෙන දේ process කර කර එතනට වෙලා ඉද්දි...

-"එහ් සීක්‍රට්... අර මනුස්සයාට මොනවා වෙලාද? වෙනදා විනාඩි දහයක් ඔයා එක්ක ඉන්න බැරි කෙනා හෙට පැය හයක් ඔයා එක්ක lessons කරනවා කියලද කිව්වෙ?"
හේසල් ඇහුවෙ ටිකකට කලින් ජන්ග්කුක් කියපු දේ විශ්වාස කරන්න බැරි නිසා...

-"ඒක නෙවෙයි හේස්..."

-"ම්ම්ම්?"

-"උබ හිතනවද ජන්ග්කුක් මට කැමති වේවි කියලා..." සීක්‍රට් ඇහුවෙ හේසල්ගෙ කනට ළං වෙලා...

-"ම්ම්ම් ඔව්... ඔයාගෙ වරදක් නෑනෙ... ලස්සන , සල්ලි , ගතිගුණ ඔක්කොම තියනවා එක දෙයක් ඇරෙන්න..."

-"ඒ මොකද්ද?"

-"මොළේ..."හේසල්ට කියලා කට ගන්න ලැබුණෙ නෑ කෙල්ලගෙ ඔළුව පිටිපස්සට ඇවිත් වැදුණෙ සපත්තුවක්...

-"Ugh!!! මොන පිස්සාද ඒ?" සීක්‍රට් බඩත් අල්ලන් හිනා වෙද්දි හේසල් ඔළුවෙ වැදුණ සපත්තුව අහුලගෙන අනිත් පැත්තට හැරුනා...

ටේහ්‍යුන්ග් එයාගෙ එක සපත්තුවක් අතේ තියන් හේසල්ගෙ අතේ තියන අනිත් සපත්තුව දිහා අහිංසක විදියට හිනාවෙලා බලන් ඉන්නවා...

Infatuative_Romance [Completed]Where stories live. Discover now