25❤

997 244 101
                                    

Jungkook's POV

At cemetary ,

ගොඩක් සීතලයි ඔම්මා... ඉවසන්න බැරි තරම් සීතලයි... ඔයා ළඟ හිටියනම්... ඔම්මා... හැමෝම මාව දකින්නෙ වෛරයෙන් පිරුණු කෙනෙක් විදියට... ඒත් මට කියන්න ඔම්මා... මම වැරදිද... මගේ ඇස් ඉස්සරහ වුණ දේවල් එයාලගෙ ඇස් ඉස්සරහ වුණා නම් එයාලත් අද කරන්නෙ මම කරන දේම නෙවෙයිද? සිද්ධ වුණ දේවල් වලට සමාව දීලා හිත හදාගන්න තරම් මම ශක්තිමත් නැහැ ඔම්මා...

ඔම්මාගෙ සොහොන ඉස්සරහ වාඩි වෙලා පුරුදු විදියට මගේ හිතේ පිරුණු දේවල් වලට ඔහේ ගලාගෙන යන්න දුන්නෙ මේ ලෝකෙ තවමත් මට සැනසුම දෙන හොඳම තැන ඔම්මා ළඟ බව දන්න නිසා...

ඔයාගෙ සීක්‍රට් බබා හමුවුණා මට ආයෙම... එයා තවත් ලස්සන වෙලා... හිනාව , කතාව වගේම කරන පිස්සු වැඩ නම් තාමත් ඉස්සර වගේමයි... එයාට රිද්දන්න මට බයයි ඔම්මා... ඒත් මට දැනගන්න ඕන එයා මේ දේවල් කරපු හේතුව...

-"ඔම්මා... අද තමයි Final exam එකේ අවසාන දවස... ඒකයි මම උදෙන්ම ඔයාව බලලා යන්න ආවේ... ඔයාව දැක්කම මගෙ මුළු දවසම සාර්ථකයිනෙ... හරි හරි... මට ඔයාව අමතක වුණෙ නැහැ අප්පා... ඔයා දන්නවනෙ මම වැඩිපුරම ආදරේ ඔයාගෙ wifeට කියලා..." මම කිව්වෙ ඔම්මාගෙ සොහොනට එහා පැත්තෙ තියන අප්පාගෙ සොහොන දිහා බලන ගමන්...

-"ඇයි ඇයි... ඔයා මට බනිනවද අප්පා? රණ්ඩු වෙන්න හදන්න එපා... කොහොමත් ඔයාගෙ wife වැඩිපුර ආදරේ කරන්නෙත් මට... නේද Mrs.Jeon Hae Weol..." මම ඇහුවෙ ඔම්මාගෙ සොහොන පැත්තට හැරිලා...

Jeon Hae Weol

7th May , 1970 - 19th July , 2010

මගෙ මූණෙ ඇඳිලා තිබුණ හිනාව ඔම්මාගෙ සොහොන දැකපු ගමන්ම නැතිවෙලා ගියෙ මටත් නොදැනිම ඇස් වලින් කඳුළු ගලාගෙන යද්දි...

දෙපාරක් නොහිතම සොහොනට ඔළුව තියාගත්ත මම අවුරුදු ගාණකට පස්සෙ කෑගහලා අඬන්න ගත්තෙ මගේම කියලා කියන්න කිසිම කෙනෙක් මේ ලෝකෙ නැහැ කියලා දැනෙන්න ගනිද්දි...

-"ඔ-ඔම්මා... අප්පා... පාළුයි මට... ගො-ගොඩක් පාළුයි... J-Jebal... අ-අනේ එන්නකො... මම පො-පොරොන්දු වෙන්නම්... ඔයාලා දෙන්නා මා-මාව දාලා ගියාට පස්සෙ ඉඳලා මම ඉ-ඉස්සර වගේ කාත් එක්කවත් හේතුවක් නැ-නැතුව රණ්ඩු වුණෙත් නෑ... පා-පාඩම් මඟ ඇරියෙත් නෑ... කා-කාටවත් කරදරයක් වු-වුණෙත් නැහැ... මම හො-හොඳයි නේද ඔම්මා... මම ඔයාගෙ හොඳ කූකි නේද? Please Eomma... Please Appa... අනේ ආයෙ එන්නකො..."

Infatuative_Romance [Completed]Where stories live. Discover now