22❤

1K 239 121
                                    

Few weeks later ,

At Min's Mansion,

Author POV,

-"ආන්ටි... මාත් ලොකු වුණාම ආන්ටි වගේ ලස්සන වේවිද?" අවුරුදු 7ක් වයස පුංචි සීක්‍රට් ඇහුවෙ එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්න කරුණාවන්ත ගැහැනු කෙනෙක් දිහා බලාගෙන...

-"අනිවාර්‍යෙන්ම... ඔයා දැනුත් පුංචි සුරන්ගනාවියක් වගේනෙ... ලොකු වුණාමත් හරිම ලස්සනට ඉඳීවි..."

-"ඇත්තමද ආන්ටි?"

-"Yes my darling... මේ අහන්නකො... ඔයා කැමති නම් විතරක් මට 'ඔම්මා' කියලා කතා කරන්න..." අතේ තිබුණ රෝස මල පැත්තකින් තියපු ගෑණු කෙනා කිව්වෙ චූටි කෙල්ලව උකුළ උඩට ගන්න ගමන්...

-"ඔ-ඔම්මා?"

-"හ්ම්ම්... ඔයා කැමතියිද මට එහෙම කතා කරන්න..."

-"ඔව්... ඒත් හ්-හ්‍යුන්ග් කිව්වෙ මගෙ ඔම්මා මං ඉපදුණාට පස්සෙ මාව දාලා සුරංගනාවියො ළඟට ගියා කියලනෙ... මම ඔයාට ඔම්මා කියලා කතා කළොත් මගේ ඇත්ත ඔම්මා තරහ වෙන එකක් නැද්ද ආන්ටි..."

-"අනේ නැහැ darling... ඔයාගෙ ඔම්මා ගොඩක් හොඳ , කරුණාවන්ත කෙනෙක්... අනිත් එක එයා තමයි මගෙ හොඳම යාළුවා... එයා අකමැති වෙන එකක් නැහැ ඔයා මට ඔම්මා කිව්වට..."

-"එහෙමද?එහෙනම් මම කැමතියි..."

-"My good girl... කෝ බලන්න... මට ඔම්මා කියලා කතා කරන්නකො දැන්..."

-"ඔයා ලස්සනයි... ඔම්මා..." පුංචි කෙල්ල කිව්වෙ සතුටින් උඩ පනින අතරෙ...

ඒත් තත්පර කිහිපයකින් පුංචි සීක්‍රට් ආයෙම දුකෙන් බිම බලාගත්තා...

-"ඇයි darling... ඇයි ඔයා දුකින් වගේ..."

-"ඔ-ඔම්මා..."

-"Yes darling..." ඒ ගෑනු කෙනා කිව්වෙ සීක්‍රට්ගෙ ඔළුව ආදරෙන් අතගාන ගමන්...

-"කූකි... මගෙ කූකි කැමති වේවිද මම ඔයාට ඔම්මා කියලා කතා කරනවට... හ්‍යුන්ග් මට කිව්වා බබාලා එයාලගෙ ඔම්මාව බෙදාගන්න කැමති නෑලු... ඒක ඇත්තද ඔම්මා..."

සීක්‍රට් කියපු දේට හයියෙන් හිනාවුණ ගෑණු කෙනා කතා කරන්න පටන් ගත්තෙ කෙල්ලව බදාගන්න අතරෙ...

Infatuative_Romance [Completed]Where stories live. Discover now