{{ •02• }} You Are Free 🍃

580 230 52
                                    

එදා ගෙදර ආවත් හරි මම ජින් එක්ක කතා නොකර අඬල අඬල ජීනුවත් තුරුල් කරගන නිදා ගත්තා...
පහුවදා මම ඇහැරෙද්දි අටත් වෙලා...
දෙයියනේ ජින්ගෙ බ්‍රෙක්ෆස්ට් එක හදන්න ඕන මම... දබ බඩ ගාල ඇඳෙන් බැහැල කොන්ඩෙත් අඩේට ගැට ගහගන කිචන් එකට දුවල ගියා..

" සොක්ජිනා.... අනේ මියන්හේ මට නින්ද ගියා.. ඉන්න මං ඉක්මනට කන්න මොකුත් ..... " 😐

මේ මොනාද ??
ජින් රාම්‍යොන් එකක් හදං කාල ගිහිල්ලද ??
නෑ... වෙන්න බෑ....
ජින් රාම්‍යෝන් එකක් හදං කන්න ඇති..
හැබැයි එයා මගෙ Morning kiss එක නොදී නම් ගෙදරින් එලියට යන්නෙ නෑ....

" සොක්ජිනා.... ජින්... ඔයා "

" මහත්තය ගියා නෝනා... "

" මො.. මොකක්... කීයටද ?? " 😕

" හත වෙද්දි. එයා කා එක්කද කෑමක් කියල උදේට... නෝන ඇහැරුනාම ගියා කියන්න කිව්ව..... "

ගෙදර වැඩට උන්න අජුම්ම එහෙම කියනවත් එක්කම මට මගෙ පපුවට අත තියවුනා..
ජින් ඇයි කතා නොකලෙ මට...
ඊයෙ මං හැසිරුන විදිහට එයාට තරහ ගියාද ?
මම ගියානම් හරි එයාව බලන්න...
අනේ මට තප්පරයක්වත් එයා නැතුව ඉන්න බෑ.. අනික ජින් නැති ජීවිතයක්නම් මට එපා..
එයාව යාලු කරගන්න මම ෆියෝනට කතා කරනවා ....

මම ජීනුවත් අරගන Entertainment එකට ගියේ ජින්ට නොකියම.

" මෑම්... "

" විනූ... ජින් කොහෙද ඉන්නෙ ?? "

" ආහ් සර් ශූට් එකක.. ෆිලා එකේ... මෑම්ව එතනට එක්කගන යන්නද " 🙂

" එපා... ඊයෙ අපි First time චුට්ටක් රණ්ඩු උනා.. දැන් ගියොත් එයා හිතයි මම මුරන්ඩුයි කියල...
මම මෙතන ඉන්නම්... "

" ජීනූ... බබාට මොනාද ඕනි.... "

Jinu " මට වැලි බාල්දියකුයි ත්රක් එකතුයි ඕනි...... " 😛

" බබා මෙතන සෙල්ලම් බෑ... මේ අප්ප වැඩ කරන තැන.... "

ඊඊඊම්.... 🥺... ඉහි... ඉහි......

" ආහ්... අඬන්න එපා.. මං ගේන්නම්.. " 😄

ජීනුගෙ ඇඬිල්ලට බය වෙච්ච විනූ ඔක්කොම දාල තියල එයාට ඕන බඩු ටික ගේන්න ගියා.. මම එතන කුශන් එකෙන් වාඩි උනාම ජීනු වැලි ටික අර ටයිල් එකේ හලාන ට්‍රක් එකක් අරං එහාට මෙහාට වැලි අදිනවා...
අර ටයිල් අල්ලපු බිම ඔක්කොම එයා විනාස කරන අතරෙ මම බලං උන්නෙ ජින් කොයි වෙලේ එලියට එයිද කියල.....

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞 🍃   | 𝐉𝐈𝐍  ✔️Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα