Author's Note

636 56 17
                                    

පුංචි විශේෂ දැනුම් දීමක් කරන්න තියනවා මේ translation එකත් පටන් ගන්න කලින්. ඒක පහසු වෙයි අපි හැමෝටම මැද්දෙ දි ප්‍රශ්න ඇති කර ගන්නවාට වඩා.

මේ අපි කවුරුත් දන්න විකාශනය උන Thai TV series එකක් වෙන KinnPorsche TV series එකේ VegasPete side story එක. ඉතිං ඔයාලා මේ noval එකේ Main story line එක කියවලා නැත්නම් දුවලා දුවලා ගිහින් ඒක කියවලා එන්න. මම ඒකත් පරිවර්තනය කරලා තියෙනවා. Link එක ඕන කෙනෙක් ඉන්නවා නම් මම ඒක දාලා තියන්නම්. මොකද නැත්තං ඔයාලට කතාව තේරුම් ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. මම translation දෙක publish කරන්නේ එකකට එකක් සමගාමීව. එහෙම නැත්නම් එක story line එකක් හරි spoil වෙන්න පුළුවන්.

ඉතිං මට විශේෂයෙන්ම මෙතැනදී මතක් කරන්න තියන කාරණාව තමයි මේ නවකතාව පුරුෂ සමරිසි ආදර කතාවක්. KinnPorsche වගේම. ඒ වගේම වැදගත් කාරණාව තමයි මේ නවකතාවේ ඒ හා සම්බන්ධ ලිංගික හැසිරීම් ගොඩක් අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි බොහොම අමානුෂික දූෂණ සිදුවීමක් අන්තර්ගත වෙනවා. දැඩි ලෙස වධ හිංසා පැමිණවීම හා ශාරීරික හා මානසික පීඩා කිරීම් අන්තර්ගත වෙනවා. ඔයාලා TV series එක බලපු කෙනෙක් නම් දන්නවා ඇති ඒකෙ උනත් Vegas Teerapanyakul ගෙ හැසිරීම කොහොමද කියලා. Noval එකේ තත්ත්වය ඊටත් වඩා ගොඩක් දරුණුයි. ඉතින් ඔයා ඒ වගේ දේවල් වලට අකැමැති කෙනෙක් නම් කරුණාකරලා මේ පරිවර්තනය මෙතැනින් එහාට කියවන්න එපා. කියවලා මට report ගහන්න එපා.

මම KinnPorsche පරිවර්තනය කරන්න සැබෑම හේතුව තමයි VegasPete side story එක. මම ඒ noval එක කියවලා ඇති විසි තිස් පාරක්. ඒත් එපා වෙන්නේ නෑ. Side story එක විතරක් පරිවර්තනය කරන්න බැරි නිසා ඉතිං main story line එකත් පරිවර්තනය කරනවා.

අනිත් කාරණාව තමයි මේ නවකතා තුළ අන්තර්ගත වෙන කිසිම දෙයක්, දෙබසක් හෝ සිදුවීමක් මගේ පෞද්ගලික අදහස් හෝ නිර්මාණ නෙවෙයි. මම කරන්නෙ මුල් නවකතාවට හැකි ඉහළම සාධාරණය ඉෂ්ට කරමින්, සිංහල බස් වහරට ගැලපෙන පරිදි පරිවර්තනය කිරීම පමණයි.

Series එක බලපු අය මේ පරිවර්තනය කියවනවා නම් ඒ අයට කියන්න තියෙන්නේ නවකතාව හා නාට්‍ය සියයට සියයක් සමාන නැහැ. වෙනස් කම් ගොඩක් තියෙනවා. ඒ වගේම සැකයක් නැතුව ඔයාලා නවකතාවට වැඩි පුර කැමති වෙනවා...

ඉතිං මේ නවකතාව ගැන පොඩ්ඩක් කතා කළොත්, මම දන්න විදියට sieris එක KinnPorsche උනාට මුලු ලෝකේ පුරාම fans ලා අතරේ වැඩි පුරම ජනප්‍රිය උනේ VegasPete. එතනිනුත් Vegas. Bible Wichapas Sumettikul ඒ චරිතයට පුදුම සාධාරණයක් කරන්නේ.

මේ නවකතාව ඇතුලේ ඔයාලට මුණ ගැහෙනවා සාතන්... ඒ කියන්නේ යක්ෂයා..... Vegas...

කතාව පුරාම කියැවෙන්නේ Vegas කියන්නෙ මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන මානසික රෝගියෙක් කියලා... හැබැයි මම ඔයාලට සහතික කරලා කියනවා මානසික වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න ඕන Vegas නෙවෙයි... Pete, මේ ලියන මම සහ කියවන ඔයාලා....

ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම එකතු වෙන්න VegasPete සිංහල පරිවර්තනය සමඟ....

ඔව් එන්න.... අපි ප්‍රේම කරමු... යක්ෂයාට.....

මේ ඔයාලගෙ ආදරණීය Author,

-Nuwie -

VegasPete (KinnPorsche side story) Where stories live. Discover now