රාක්ශයෙකු සමග පෙමින් බැඳීම පහසුය...❤️

345 37 8
                                    


ඔවුන් ඔබ සියදහස්වර මරාදමන්නේ නැත...
මරාදමන්න අවැසි තැන නුඹෙ සිතිවිල්ලටත් කලින් හුස්ම නවතන හැටි ඔවුන් දන්නෙහිය.

ඔවුන්ගේ බැඳීම් තුල සීමා නැත...
අභිමතය පරිදි ඔබ යටකරගන්නා ක්‍රම සහ විධි ඔවුන්ට උපතින්ම උරුමය.

ඔවුන් තුල හොඳ පමණක්ම නැත...
හොඳ නරක දෙකම හොඳයැයි හිතෙන තරමට හිත අතරමංකරන්න ඔවුන් දක්ෂය.

ඔවුන්ගේ සිත්තුල ආශාවට තිරිංග නැත...
ආශාව කියන දෙය වචනයේ අර්ථයෙන් විඳින හැටි කියාදෙන්නට ඔවුන් හොඳින්ම පරිණතය.

ඔවුන්ගේ හිතුවක්කාරකම තුල නීති නැත...
තවකෙනෙකුගේ වස්තුවක් තමන්ගේ කරගන්නට ඒ හිතුවක්කාරකම හේතුවක් වන්නට පුලුවන.

කොටින්ම රාක්ශයින් අප අතර ඇත...
හමුවුනොත් ඔවුන්ගෙන් ගැලවීමට නොව ඇලෙන්නට හේතු ඔවුන් විසින්ම සකස්කරදෙනු ඇත.

ගැලවෙන්න අවැසි තැන හේතු ගොඩ ගැහෙන්නේ හිතුවක්කාරකම් නිසාමය...
හිමි නොවුනත් හිමිකරගන්න හිතෙන තරමට ඔවුන්ගේ ප්‍රේමය ඇබ්බැහිකරවනසුලුය.

රාක්ශයින් ඔබ සොයා එන්නේ නැත...
දෛවය විසින් ඔවුන්ව ඔබට මුණගස්සවනු ඇත...
එවන් මුණගැසීම් සරල නැත...
ඔබ නොදන්න බොහෝදේ ඔවුන් ඔබට කියාදෙනු ඇත.

මිනිසුන් සරලය...
රාක්ශයින් තේරුම් ගැනීම තරමක් අපහුසය...
නමුත් රාක්ශයින් සමග ගණුදෙනු කිරීම පහසුය...
ප්‍රේමයේ රසතැන් විඳීමටනම් රාක්ශයෙකු මුණගැසිය යුතුමය...
ඒ ඇබ්බැහියට වශීවිය යුතුය.

ඉතින් එපමණය...😈

---------------------------------------------------------

මුහුණු පොතේ දැක්ක VegasPete ටම හොඳට ගැලපෙන නිර්මාණයක්. මුල් අයිති කරු ගැන නම් දන්නේ නෑ. මේ පරිවර්තනයට ගැලපෙන නිසා සහ ඔයාලට ඉහළ රසවින්දනයක් ලැබෙන නිසා උපුටා ගත්තා.

නිර්මාණයේ ගෞරවය සහ අයිතිය මුල් හිමිකරුට ලැබිය යුතුයි.

ඉතිං ඔබ මේ මූණ ගැසෙන්නට සුදානම් වන්නේ ඒ රාක්ෂයායි.......!!!

VegasPete (KinnPorsche side story) Where stories live. Discover now