🅒🅗🅐🅟🅣🅔🅡 ➊➍

745 174 25
                                    

1k readers තැම්කූ කතාව කියවන වෝට් කරන හැමොටම .

❤❤❤❤❤❤❤❤❤❤❤



....................................................................................

ශානුයි යීබෝයි දැන් ඉන්නේ යුනි එකේ හොස්ටල් එකේ. මේ සතියේ ශාන් යීබෝට අලුත් නීතියක් දැම්මා ඒ තමයි යන කොහෙ වුනත් යන්න ඕනේ ශාන්ව දැනුවත් කරලා යුනි එකෙන් ඇතුලේ උනත් එලියේ උනත්  , ගොඩක් වෙලාවට ශානුත් යීබෝත් එක්ක ගියා. එලියේ ඇවිදින්න යන හැමවෙලාවකම වගේ ශාන් අනිවාර්‍යෙන්ම යීබෝ පස්සෙන් ගියා, මේ හැමවෙලාවෙම යීබෝ කිව්වේ 

'ඔයත් මගේ පපා වගේ ශාන්'

ඒ හැමවෙලාවෙම ශාන්ගෙ උත්තරේ වුනේ ,

'ඔයාගේ පපා මෙහෙ නැති නිසා තමයි මං ඔයාගෙ පපා වෙන්නේ , ඒක නිසා කටපියාගෙන දැන් යමු' 

..........................................................................

ශාන් හිටියේ බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වල , යීබෝ ශාන්ව හොයාගෙන ග්‍රවුන්ඩ් එකට ගියා. යීබෝව ඈත තියා දැකපු ශානුත් යීබෝ ගාවට ආවා.

'ඇයි බෝ  , ඔයාට දැන් මාව නැතුව විනාඩියක්වත් ඉන්න බැයිද' ශාන් පුරුදු දගකාරකමින් ඇහුවා.

'අහ් ශාන් ඔය කටවහගන්න' යීබෝ රතු වෙන ගමන් කෑගැහුවා.

'ඇයි ඇයි ඉතින් මේ සුදු බෝලේ මාව හොයා ගෙන ග්‍රවුන්ඩ් එකට ආවේ ' ශාන් මේ දවස් වල එක එක නම් යීබෝට කියනවා සුදු බෝලෙ, සුදු මැනික, රෝස මල , ඒක නිසා මේවට නම් යීබෝ පුදුම වුනේ නෑ ටිකක් රතු වුනා මිස

'මං එලියට යනවා යනවා කියන්න'

'ඇයි ඒ'

'බුක් ශොප් එකට එසයිමන්ට් එකට ඕනෙ පොතක් ගන්න'

'කාත් එක්කද යන්නේ බින් එක්කද'

'අහ්ම්ම්..නෑ තනියම'

'තනියම යන්න එපා බෝ , මට 3නට පැක්ටිස් ඉවර වෙනවා, මං ආපුහම යමු'  ශාන් තමයි ටීම් එකේ ලීඩර් ඒ නිසා ශාන්ට ප්‍රැක්ටිස් ඉවර වෙලා හැමෝම යනකන් ඉන්න වෙනවා , ඒක තමා නීතිය

'එතකන් ඉන්න බෑ ශාන් , මං ඒක හෙට දෙන්න ඕනේ'

'හරි ඉතින් ඕන්නම් තව පැයක් ඉදියි'

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now