Chapter 17 🥀

299 122 5
                                    

ජන්කුක් හොස්පිටල් එකෙන් එලියට ඇවිල්ලා ගාර්ඩ්න් එකේ තිබ්බ ගහක් යටට ගිහින් එහෙම්මම බිම වාඩි උනා..
එයාට අඬන්න ඕනේ..ගොඩාක් අඬන්න ඕනේ..
කෑ ගහලා අඬන්න තරන් දුකයි එයාට..

එයාගේ ආදරේ කිසිම වැඩකට නැති කුණුගොඩක් වගේ..
එයාගේ ජිමින් ගැන තිබ්බ අසීමිත ආදරේ අද එයාව මේ ලෝකේ ඉන්න පරාජිතම කෙනා කරලා..
ජන්කුක්ට එයා ආදරේ කරන්නේ ජිමින්ට වෙච්ච එක ගැන දුකක් වත් පසුතැවීමක්වත් නැ..
ඒත් ඒත් අඩුම එකම එක වතාවක්වත් ජිමින් කියන්නෙ තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න පුලුවන් කෙනෙක් උනා නම්..
අඩුම ජිමින්ට අඟ වන්න පුලුවන් උනා නම් තමන් ජිමින්ට ආදරේ කලේ තමන්ගෙම සහොදරයෙක්ට වගේ නෙමෙයි කියලා..

කමක් නෑ..අන්තිමේට ජන්කුක් අඩුම තරමින් දැන්වත් දන්නවා එයා ගියේ මිරිඟුවක් පස්සෙ කියලා..
ඒත් ජන්කුක්ට ජිමින් මිරාව කිස් කරපු විදිහ අමතක කරන්න බැරි උනා..
ජන්කුක්ට දැනුනේ එයාව පණ පිටින් පුච්චනවා වගේ..

එතකොට එයාගේ ඔම්මා..
ඔම්මා පවුලෙන්ම ජන්කුක්ව හරිම ලේසියෙන් අතෑරලා දාපු විදිහ..!!
නෑ..
අනේ ජන්කුක්ට කිසි දුකක්වත් , තරහක්වත් , ඊර්ෂ්‍යාවක් වත් නෑ තමන්ගෙම ඔම්මා තමන්ට වඩ ජිමින්ට  ආදරේ කරන එක..
ඒ ගැන ජන්කුක් තරන් සතුටු වෙන්නෙත් නැතුව ඇති වෙන කවුරුත්..
ඒත් මන් කියන්නේ එච්චර ලේසියෙන් විසික් කරලා දාන්න තරන් තමන් නොවටිනා කෙනෙක්ද එයාගේ ඔම්මට..
අඩුම මෙච්චර දවසක් කොහොමද කෑවෙ බීවේ..හොඳට නිදා ගත්තද..යුනිවසිටි එකේ වැඩ කොහොමද..
ඔම්මට ඒවා කිසිම දෙයක් දැන ගන්න ඕනේ නැද්ද..
තරහ වෙලා හිටියට කමක් නෑ..
ඒත් අඩුම තමන්ගේ පුතාගේ සැප දුක් අහන්න තරන්වත් එයාට උවමනාවක් නැද්ද..

ජන්කුක්ට ගොඩාක් පාළුයි..
නෑ ඊටත් වඩා එයාට දැනුනේ එයා හැම තැනිම තනි වෙලා කියලා..

එයා කොච්චර වෙලා එහෙමම කිසිම හැඟීමක් නැති මනුස්සයෙක් වගේ ගහ යටට වෙලා හිටියද කියලා ජන්කුක්ටවත් මතක නැතුව ඇති..

ඒත් ඔක්කොම සුසුමක් හෙලලා හිතෙන් පිට කරලා නැගිටිනකොටම එයා දැක්කේ එයාගේ හොඳම යාලුවාව දැක්කේ..
ටේහ්‍යුන් හිටියේ ජන්කුක්ගේ ඔම්මා එක්ක බර කතාවක..
එයාලා දෙන්නා හොස්පිටල් ගේට් එක ගාව කතා කරනවා..
ඔම්මා කියන මොනාදෝ මොනාදෝ අහගෙන ටේහ්‍යුන් ඔලුව ඔහොල්ලනවා..

I Love My Younger Brother 🥀 || Completed ||Where stories live. Discover now