Chapter 38 🥀

336 125 6
                                    

ජන්කුක් එදයින් පස්සෙ ආයේ අරවගෙ වැඩක් කලේ නෑ..
එයා පුලුවන් තරන් එයාගේ හදවත පාලනේ කරගෙන හිටියා..

ජිමින් ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා පොතක් කියවන ගමන් හිටියේ...
ජන්කුක් ඇඳේ හාන්සි වෙලා ජිමින් දිහා බලාන හිටියා..
ජිමින්ගේ අවදානය සම්පූර්ණයෙන්ම අරගන්න පොතට පුලුවන් වෙලා..
ජිමින්ගේ පැත්තකට පේන මූණ දිහා ජන්කුක් බලාන හිටියා..පිම්බිලා තියෙන කම්මුල..චූටි නහය..උල් වෙලා පේන තොල්..

"ජිමින්...අද ඔයා මොනාද කලේ.."

"ම්ම්...විශේෂයක් නෑ..මිරා ආවා..එයා එක්ක කියව කියව හිටියා..ආහ් තව එයා කිව්වා හොබීට මේ සතියෙම එන්න වෙන්නෙ නෑ කියලා..ඒ දෙන්නටම යුනිවසිටි එකේ එක්සෑම් තියෙනවලු..මම නවල් එකක් කියවලා ඉවර කලා..හවස ඔම්මට කේක් හදන්න ඕනේ කිව්වා..එයා ගාවට වෙලා හිටියා..ඒවා තමා..හ්‍යුන්ග් මොක්ද කලේ.."
ජිමින්ගේ ඇක්සිඩන්ට් එක නිසා එයාට යුනිවසිටි එක්සෑම් ලියන්න බැරි උනා..
ජන්කුක් ආස කලා මිරා හොබී වගේම ජිමිනුත් යුනිවසිටි යනවට..
ඒත් ජන්කුක් ඒ ඉල්ලීම කරන්න බය උනා..
ජිමින්ට ඒක අනවශ්‍ය පීඩනයක් වෙයි කියලා..

"ආම්ම්ම්ම්..විශේෂ දෙයක් නෑ..වැඩ තමා..අද මීටින්ග්ස් දෙකක් තිබ්බා..හරිම බෝරින්.."ජන්කුක් ඈණුමක් ඇරලා අතපය හතර ඇඳ උඩ දිගෑරියා..
ජන්කුක්ගේ හුරතල් වැඩ දිහා ජිමින් බලාන හිටියා..

"හ්‍යුන්ග්.."

"ම්ම්ම්..!"

"මාව තුරුල් කර ගන්නකෝ.."ජිමින් කිව්වාම ජන්කුක් ඈණුම අරින එකත් පැත්තක තියලා එක පාරට ජිමින් දිහා බැලුවා..
ජිමින් හිනා උනාම ජන්කුක් ඇඳේ වාඩි වෙලා ජිමින්ව ඇඳෙ දිගා කරලා ජන්කුකුත් ඇඳේ ජිමින්ට එහා පැත්තෙන් හාන්සි උනා..ජන්කුක් ඇඳේ හාන්සි උන පමාවෙන්ම ජිමින් ජන්කුක්ව බදා ගත්තා..
ජන්කුක් පුදුම වෙලා හිටියේ ජිමින්ගේ මේ අමුතු හැසිරීමට..
ජන්කුක් හිටියෙ එක අතක් උඩ ඔලුව තියාන සිවිලිම දිහා බලාන..ජිමින් හිටියේ ජන්කුක්ගේ පපුව උඩ ඔලුව තියාන..
ජිමින් ජන්කුක් පජාමා එකේ බොත්තමක් එක්ක සෙල්ලන් කරනවා..

"හ්‍යුන්ග්.."

"ම්ම්ම්..."

"මට ඔයාට බඩ්ඩක් කියන්න තියෙනවා.."

I Love My Younger Brother 🥀 || Completed ||Where stories live. Discover now