Chapter 33 🥀

323 121 6
                                    

ජන්කුක් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට එද්දි ජිමින් හොර පූසෙක් වගේ දුකින් මූණ හදාන ජන්කුක් දිහා බලාන හිටිය..

"සොරි හ්‍යුන්ග්..මම ආයේ එහෙම දෙයක් කරන්න නේ නෑ..ප්‍රොමිස්.." ජන්කුක් ඇඳ ළඟට ආවම ජිමින් ජන්කුක්ගේ අතක් අල්ලගෙන කිව්වා..

"හ්ම්ම්.."ජන්කුක්ට එක පාරට ටේ කියපු දේවල් මතක් වෙලා ලැජ්ජා හිතුනා..ඒ කියන්නේ ජිමිනුත් එයාට කැමති..
ජන්කුක්ට ඒ හැඟීම හරිම අමුතු විදිහට දැනෙන්න ගත්තා..
ජන්කුක් හ්ම්ම් කියලා විතරක් කියපු නිසා කාමරේ පුරා එක පාරට නිහඬතාවයක් පැතිරිලා ගියා..

"හ්‍යුන්ග්..තාම තරහද..?ප්ලීස්..මාත් එක්ක තරහා වෙලා ඉන්න එපා.."

"තරහා නෑ මම..මම කොහොමද ඔයා එක්ක තරහ වෙලා ඉන්නේ කියන්නකෝ..
ඔයා හොඳටම දන්නවා මට ඔයා එක්ක තරහා වෙල ඉන්න බෑ කියලා..
ඒ නිසා..
ආයේ මේ වගෙ දෙයක් කරන්න හිතන්නවත් එපා ජිමින්..
ඔයාට අමතක උනාද..ඔයා මැරුනොත් මමත් මැරෙනවා..
එදා මාව බලන්න අපාට්මන්ට් එකට ආවාම ඔයා කිව්වේ එහෙම..මතක නැද්ද.. ඉතින් ඔයා හිතනවද ඒකම මමත් කර ගන්නෙ නැති වෙයි කියලා ඔයාට මොනා හරි උනොත්.."
ජන්කුක් කියලා ඉවර වෙද්දිම ජිමින් පැනලා ජන්කුක්ව බදා ගෙන අඬන්න ගත්තා..
ජිමින් හිටියේ තාම ඇඳේ නිසා එයාගේ ඔලුව තිබ්බේ ජන්කුක්ගේ බඩ ගාවට විතර..ජිමින් ජන්කුක්ගෙ බඩට ඔලුව හේත්තු කරන් ඇඬුවා..ජන්කුක් එහෙම්මම ජිමින්ව තුරුල් කරන් ජිමින්ගේ ඔලුව අත ගෑවේ ජන්කුකුත් අඬන ගමන්මයි..
ජන්කුක්ම දන්නෙ නෑ එයා අඬන්නෙ සතුටටද දුකටද කියලා..

"හරි ජිමිනී..දැන් අඬව්වා ඇති..අපි දැන් ගෙදර යමු..හරිද.." ජන්කුක් ජිමින්ගේ ඔලුව ඉඹල ජිමින්ව ඈත් කරන ගමන් කිව්ව..
වීල්චෙයා හරි ගස්සලා ජිමින්ව ඒක උඩින් උස්සල්ලා තිබ්බා..ජන්කුක්ගේ හිත මල් යායක පියාඹන ගමන් තිබ්බේ..
ජන්කුක්ට සතුටුයි ගොඩක්..
ඒ මොනා උනත් ජන්කුක් ජිමින් එක්ක ඒ දේ ගැන දැන්ම කතා නොකර ඉන්න තීරණේ කලා..
ජන්කුක් දන්නවා දැන් ජිමින්ගෙන් ඒක ඇහුවත් ජිමින්ගේ කටින් හරි වචනයක් ගන්න අමාරුයි කියලා..

...............................................................

එදා රෑ හොඳටම වැස්ස..
ජිමින්ව වොශ් කරලා ඉවර වෙලා ඇඳ උඩ හාන්සි කරවලා හිටියේ..ඒ වගේම ජන්කුකුත් වොශ් එකක් දාගෙන දාගෙන කොන්ඩෙත් පිහ පිහ කාමරේට ආවා..
එතකොට තව..ජන්කුක් ඇඳන් හිටියේ ටවල් එකක් විතරයි..
ජන්කුක්ගේ කොන්ඩ ගස් වලින් වැක්කෙරෙන වතුර බින්දු පේලියට එයාගේ චොක්ලට් බාර් වගේ තියෙන ඇබ්ස් වලින් රූටලා පල්ලන් බහිනවා..

I Love My Younger Brother 🥀 || Completed ||Where stories live. Discover now