මම xiao zhan ලෝක ප්රසිද්ධ Sean company එකේ owner.මමායි පපායි නැතිවුනේ මට අවුරුදු 20 දි,
ඇක්සිඩන්ට් එකකින් එදා ඉදන් මං සීතල , නපුරු කෙනෙක් උනා මට දැන් 30ක් මං මෙච්චර කාලෙකට
කාටවත් ආදරේ කරලාවත් කාවවත් දැනිලාවත් තිබුනේ නෑ
ඒත් ගිය සතියේ හම්බුන ඒන්ජල් නිසා ඒ හැමදේම වෙනස් වුනා.
flashback ...
මං ක්ලබ් එකට ගියේ මගේ හොදම යාලුවා යූබින්ව හම්බෙන්න , ඌ තමා මට හිටපු එකම යාලුවා
, ක්ලබ් එකට ගිහින් හිටපු මට යූබින්ගෙන් මැසෙජ් එකක් ආවා , උට ක්ලබ් එන්න වෙන්නේ නෑලු , බෝයිෆ්රන්ඩ්ව හම්බෙන්න යනවලු හුම්ම්ම් ඔහොම තමා ඉස්සරලා ආපු අගට වඩා පස්සේ ආපු මොකක්ද එක ලොකුයිලු නෙහ්.
මං එලියට යන්න කියලා නැගිටින්න හදනකොටම මට ඇහුනේ ලස්සන කටහඩක් ,
කටහඩේ අයිතිකාරයා කවුද කියලා බලන්කොට දැක්කේ ගිටාර් එක ගගහා සින්දු කියන කොල්ලෙක්ව ,එයා sing කරේ හිටියේ troye sivan ගේ Angel baby song එක, ඒ සිංදුවත් එයාටම ගැලපුනා ,ඔව් එයාව දකිද්දි මට මතක් උනේ ඒන්ජල් කෙනෙක්ව,
එයා මාරම ලස්සනයි හිතන්න පුලුවන්ද කියුට්, හොට්, සෙක්සි, හැන්ඩ්සම් කියන ඔක්කොගෙම එකතුවක් ගැන මට නම් මතක් උනේ ඒන්ජල් කෙනෙක්ව , ඔව් එය vinus වගේ .
මං එයා දිහා විනාඩි ගානක් බලන් හිටියා එයාගේ ඒන්ජල් බේබි සෝන්ග් එක කියලා ඉවර වෙනකම්ම, සිංදුව කියලා ඉවර වෙලා එයා ස්ටේජ් එකෙන් බැස්සා , මාත් එයාගේ පස්සෙන් මගේ ඇස් ඇරන් ගියා ,
එයා දැක්ක වෙලාවේ ඉදන් මගේ හාට් එක බල්ටි ගහනවා මාත් නැගිටලා එයා ඉදන් හිටපු ටේබල් එකට ගියා , ඒක ස්ටාෆ් එකේ අයට වෙන් කරපු ටේබල් එකක් එතකොට එයා වැඩ කරන්නේ මෙහෙද ඒත් මං මීට කලින් එයාව දැකලා නෑ නේ ,අලුතෙන් වෙන්නැති , ඒත් එයාව මේ තැනට ගැලපෙන්නේම නෑ මොකද මෙතනට එන මිනිස්සු හැමෝම එක වගේ නෑ .
එයා ඉදගෙන ෆෝන් එක ඔබ ඔබ හිටියේ මං ඉස්සරහින් වාඩිවුනා කියලවත් දැක්කේ නෑ , කාටද දන්නෑ ඔච්චර කොටන්නේ
"හායි , ඒන්ජල්"
මං එහෙම කිව්වට පස්සේ එයා වටපිට බලලා එයා දිහාවට ඇගිල්ල දික් කරා .
"ඔව් ඔව් ඔයාට තමා "
"හායි නයිස් ටූ මීට් යූ"
එයා එහෙම කියලා මට හෑන්ඩ්ශේක් කලා ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කිව්වා වගේ මාත් ඒ සුදු අත අල්ලා ගත්තා.
"නයිස් ටූ මීට් යූ ටූ ඒන්ජල් බේබි "
"ඒ..න්ජල්"
"හ්ම් .. මං ඔයාගේ නම දන්නෙ නෑ නේ ඉතින් මං ඔයා කිව්ව සිංදුවේ නම කිව්වා"
මං එහෙම කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා මොකද මං ඔයාව දකිද්දි මට ඒන්ජල් කෙනෙක්ව මතක් උනා ඔයා හරියට ඒන්ජල් කෙනෙක් වගේ කියලා එහෙම කිව්වනම් එයා මාව මග අරියි කියලා මට බය හිතුන නිසා,
එයා මාත් එක්ක හිනා වුනා,
අම්මෝ ඒ හිනාව මාරම කියුට් පෙනුමක් ගෙනාවා.
'කියුට්'
මං කිව්වා නෙමේ කටින් පැන්නා.
ඒක එයාට ඇහුනේ නැත්තේ එයාගේ ෆෝන් එක රින්ග් උන නිසා
ඒත් එක්කම
එයා කලබල වෙලා නැගිටලා දිව්වා , මං එයාගේ පස්සෙන් දිව්වත් එයාව හොයා ගන්න බැරි උනා.
එයා කවුද?