Part 4

293 63 16
                                    

එයා අම්මා හිටපු රූම් එකට යනකොට මං ඩොක්ටර්ව හම්බෙන්න ගියා.

ඩොක්ටර් මගේ යාලුවෙක් වගේම මං ඒන්ජල්ගේ අම්මව බලන්න එයත් එක්ක කලින් ඇවිත් තියෙන නිසා එය මාව දන්නවා.

"ඩොක්ටර් එයාට කොහොමද"

"ශාන් , එයාට ටිකක් අමාරුයි You know what I mean "

ඒත් එක්කම ඒන්ජල් කෑගහනවා ඇහුනා.

"අනේ ශන්ගා එන්නකෝ"

මායි ඩොක්ටයි රූම් එකට යනකොට එයා අම්ම ගාව හිටගෙන අම්මගෙ අත අල්ලගෙන හිටියා.

ඇත්තටම ඒන්ජල්ගේ මමා අසනීප වෙලා හිටියට එයත් මගේ මමා වගේම මට ආදරෙන් සැලකුවා.ටිකකට කලින් ඩොක්ටර් කිව්ව දේවල් නිසා මගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

"ශන්ගා මමාට ඔයත් එක්ක කතා කරන්න ඕනලු"

මං ඒන්ජල්ගේ මමා ලගට ගිහින් එයාගේ අත අල්ලා ගත්තා.

"මමා"

"පුතේ මට මොනවහරි උනොත් මෙයාව බලාගන්න"

මමා මගේ අත උඩින් එයාගේ අත තිබ්බා විතරයි , මමාගේ අත පහලට වැටුනා.

"අනේ මමා.........."

......................................................................

මමාගෙ අවසන් කටයුතු මං ලෑස්ති කලා.

මමා නැති උනාට පස්සේ එයා එතනම කලාන්තේ දැම්මා.

පැය 2කින් විතර සිහිය ආවත් එයා අඩා අඩා බලාගත්ත අතේ බලාගෙන හිටියා මිසක් වතුර උගුරක්වත් බීව්වේ නෑ.

බොහෝම අමාරුවෙන් මං එයාට සැන්ඩ්විච් එකක් කවාගත්තේ මමා නැති උන වෙලාවෙ ඉදන් එයා මොකුත් කෑවේ නැති නිසා ,

කොච්චර මට ඇඩෙන්න ආවත් මං හිත ශක්තිමත් කරගත්තේ මං වැටුනොත් මෙතන වැඩ ටික කරන්න කවුරුත් නැති නිසා

මමාට අවසන් ගෞරවේ දක්වලා එයාව භූමිදානය කලාට පස්සේ හැමෝම යන්න ගියා.ඒත් එයා තාමත් බෙන්ච් එකේ ඉදගෙන මමාගේ සොහොන දිහා බලාගෙන ඉන්නවා.

එයා දිහා බලන් හිටපු මට මතක් උනේ මගේ මමායි පපායි නැති උන දවස වෙනකොට එදා මගේ ලග කවුරුත් හිටියේ නෑ නේද කියලා මතක් උනා.

................................................................

මං එයා ලගට ගිහින් එයාව තුරුල් කර ගත්තා. එයත් පූස් පැටියෙක් වගේ මට තුරුල් උනා .

"දැන් ඇඩුවා ඇති නේද?"

"මං අඩන්නෑ ශන්ගා , මං හිත හදාගෙන හිටියේ මමාගේ 80%ක්ම කැන්සර් එක් spread වෙලා කියලා දැනගන්නකොටම ,"

"ම්ම්ම්ම්ම්"

"මං තනිඋනා "

"ඔයා තනිවෙලා නෑ ඔයාට මං ඉන්නවා හැමදාටම "

"හැමදාටම ?"

"ඔව් හැමදාටම ඔයා ලගට වෙල ඉන්නවා"

"ම්ම්ම්ම්"

"මං ඔයාගේ අම්මට පොරොන්දු උනා ඔයාව පරිස්සම් කරනවා කියලා"

"ඒ හින්දා විතරද ඔයා මං ලගට වෙලා ඉන්නේ"එයා එහෙම ඇහුවහම මං ගැස්සුනා, ඒක එහෙම නෙමෙයි කියන්න ඕනේ ඒත් මේක හරි වෙලාවද

"නෑ ඒක නිසා නෙමෙයි මං ඔයාව දැකපු දවසෙමයි මං මටම පොරොන්දු උනේ ඔයාව හැමදාම පරිස්සම් කරනවා කියලා"කතා කරන එක නවත්තලා මං එයා දිහා බැලුවා , ඒ ඇස් දිලිසෙනවා .මං එයාගේ අත මගේ අත් අතරට මැදි කරගත්තා.

"මං ඔයාගෙන් දෙයක් අහන්නද?"

"ම්ම්ම්"

"ඔයා කැමතිද මේ ජීවිත කාලෙටම මාත් එක්ක ඉන්න "

".................."

"කෝ මට උත්තරයක් ඕනේ"

"හ්ම්ම්ම් හා"එයා ඇහෙන නෑහෙන ගානට හා කිව්වා .

"මට පුලුවන්ද මේ ඒන්ජල්ට ආදරේ කරන්න ..ම්ම්"එයා මං දිහා බලන් ඉදලා එකපාරට ඉස්සිලා මගේ තොල් වලට සමනල හාදුවක් තිබ්බා.

"ඕක කියනකන් මං කොච්චර බලන් හිටියද?"

මං එහෙම්මම එයාගේ තොල් වලට පාත් උනා. විනාඩි ගානක් මං එයාගේ තොල් රසවින්දා.විනාඩි ගානකට පස්සේ මං එයාගේ තොල් වලින් ඈත් උනා.

මං එයාව තුරුල් කරගත්තා.

"Zhange Didi Ai Ni"

............................................................................................................

✴ කතාව ගැන අදහස් කියාගෙන යන්න.

ANGEL BABY || ZHANYI || ✅Where stories live. Discover now