Part 3

254 57 3
                                    

මම මේ සතියේම ක්ලබ් එකට ගියා.යූබින්ව හම්බෙන්න නෙමේ මගේ ඒන්ජල්ව බලන්න.

මං එයත් එක්ක කතා කරද්දි මං එයා ගැන දන්නවා කියලා දන්නැති විදිහට ඉන්න පරිස්සම් උනා.

එයා මේ ක්ලබ් එකේ වැඩ කරන්නේ රෑට විතරලු , ඒක හොදයි එතකොට මට එයා ගාව ඉන්න පුලුවන් සිංදු කියලා ඉවර වෙනකන් නැත්නම් එයාට ලොකු කරදර වලට මූන දෙන්න වෙනවා කියලා එයාව ඇස් වලින් කන ගොඩක් අය ඉගි දීලා තිබ්බේ ඒත් ඒ නාකි පනුවන්ට එයාට ලං වෙන්නවත් බැරි උනේ එයා සිංදු කියලා ඉවර වෙලා එනකොටම මං එයා ගාව හිටගන්න නිසා.

මං එයාව පුලුවන් හැමවෙලාවෙම පරිස්සම් කලා එයා ක්ලබ් එකේ සිංදු කියලා ඉවරවෙලා ගෙදර යනකොට එයාට නොදැනෙන මං එයා ගෙදරට යනකම්ම පස්සෙන් ගියා .

හවස 6 වෙනකම් ඔරලෝසුව දිහා විසි , තිස් පාරක් බලනකොට , මටම හිනා ගියේ මං මේ සතියට එයාට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා හිතිලා.

මං ආසම දේ තමා එයාගේ හිනාව ඒකනම් ඇත්තටම වශියක්.

....................................................................

දවසින් දවස ගෙවිලා ගිහින් මායි එයයි ආශ්‍රය කරලා මාස 3කට ලං වුනා.

මේ වෙනකොට එයත් මට ආදරේ කරන්න පටන් ඇරන් කියලා හිතුනේ. මං එයා ඉද්දි වෙන කෙනෙක් එක්ක කතා කරනකොට එයාගේ රුසියාවට වඩා ඊරිසියාව නිසා බලන්න ඕනේ ඒ වෙලාවට එයාගේ මූනේ ලස්සන .

එයාගේ බර්ත්ඩේ එකටත් තව සතියක් විතර තියෙන නිසා මම හිතුවේ එයාගේ බර්ත්ඩේ එකේදිම එයාට ප්‍රපෝස් කරන්න.

එයාට ලොකු චොක්ලට් එකක් ගන්න නැවැත්තුව නිසා මං ක්ලබ් එකට යද්දි 6.15 වෙලා තිබුනා.

දැන් මූනත් බෙරි කරගෙන ඇති කියලා මතක් වෙද්දි මට ඇදුනේ හිනාවක්.

"ගෙගේ ඔයා පරක්කුයි"මං ටේබල් එකට යනකොටම එයා කෑගහගෙන මං ලගට ආවා.

"හරි ඉතින් සොරි වෙන්නෝනා , ඔයාට මේක ගන්න ගිහින් නෙ පරක්කු උනේ"මං එයාට මං ගත්ත චොක්ලට් එක දුන්නා.

"තැන්කිව් ශන්ගා"

ඒත් එක්කම එයාට කෝල් එකක් ආවා.

කවුරු කතා කරාද දන්නෑ. ඒත් එයාගේ ඇස් වලට කදුලු පිරුනා.

කෝල් එක කට් කරපු ගමන් එයා නැගිටලා දුවන්න හදනකොට මං අත අල්ලලා එයාව නතර කල.

"කොහෙද යන්නේ"

"ශන්ගා අම්මට අමාරුයිලු මන් යන්නෝන"

"හරි මං එක්ක යමු."

මං එයාට තනියම යන්න දෙන්නැතුව මාත් එක්ක යමු කීවේ එයා තනියම ගිහින් මොනවහරි වෙයි කියන බයට

ANGEL BABY || ZHANYI || ✅Where stories live. Discover now