Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
                                 
                               
                              
"ඔයාගේ පියානෝ ලෙසන්ස්වල තත්ත්වේ කොහොමද චිම්???"
ඔෆිස් වැඩ ඉවරවෙලා ගෙදර ආපු ගමන්ම යුන්ගිගේ ඇහැ ගැටුණේ ටීවී එකේ චැනල්ස් එකින් එක මාරු කර කර සෝෆා එකේ වාඩිවෙලා ඉන්න ජිමින්ව තමයි. ඉතින් අතේ තිබුණු ලැප්ටොප් බෑග් එකත් ඩයිනින් ටේබල් එකෙන් තියලා, බෙල්ලටම හිරවෙලා තිබුණ ටයි එක ලිහිල් කරන ගමන් යුන්ගිත් ජිමින් ළඟට හිමින් ඇවිඳගෙන ආවේ, ෆ්රිජ් එකෙන් ගත්තු කූල් වතුර බෝතලෙත් අතේ තියාගෙනමයි.
"ශේප්....."
ඒත් යුන්ගිව ගණන් ගන්නෙ නැතුව තනි වචනෙන් ඒ විදිහට උත්තර දීපු ජිමින් කලේ, ටීවී එකේ චැනල් මාරු කරන එකට අවධානෙ දෙන එක විතරයි.
"මිඩ් ටර්ම් පියානෝ කොන්සර්ට් එකක් ගැන කියලා, මිසිස් චෝයිගෙන් අද උදේ මට ස්පෑම් ඊමේල් එකක් ඇවිත් තිබුණා.... ඔයාත් ඒකට ඇප්ලයි කරලා බලන්න......"
ජිමින් දිහා බලාගෙනම ආයෙමත් කිචන් එකට ගියපු යුන්ගි, ඔෆිස් කිට් එක තියා වොශ් එකක්වත් ගන්නෙ නැතුව රෑ කෑම ලෑස්ති කරන්න ගත්තේ, ජිමින්ගේ ළඟ තිබුනු චිපිස් බෑග් එක දැක්ක නිසයි. මොකද ජිමින් චිප්ස් කන්නේ එයාට හොඳටම බඩගිනි වුනොත් විතරයි කියලා යුන්ගි අත්දැකීමෙන්ම දන්න නිසා, ගතට කොච්චර මහන්සි දැනුණත් ජිමින්ව බඩගින්නෙ තියන්න යුන්ගිට ඔිනවුණෙ නැහැ.
"පියානෝ ගැන කතා කරපු වෙලේ ඔයාට මතකද චිම්, ඉස්සර අපේ අම්මා අපි දෙන්නාටම පියානෝ ප්ලේ කරන හැටි කියලා දුන්නා..... අපේ අම්මාට හරි ලස්සනට පියානෝ ප්ලේ කරන්න පුළුවන්...... ඔයාට ඉතින් ඒක අමතක වෙන්න විදිහක් නෑනේ......."
                                      
                                  
                                              YOU ARE READING
Searching ‖ YoonMin X BTS [10]
Fanfictionඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...
![Searching ‖ YoonMin X BTS [10]](https://img.wattpad.com/cover/315170649-64-k884620.jpg)