Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වෙනදා වගේම අදත් උදේ හයයි හතලිස්පහ වෙනකොට ජිමින්ව නින්දෙන් නැඟිට්ටවන්න කියලා යුන්ගි එයාගේ කාමරේට ගියත්, ඒ වෙද්දිත් කොලේජ් යන්න ලෑස්තිවෙන ජිමින්ව දැකලා යුන්ගි ඇත්තටම ටිකක් පුදුම වුණා.
"ගුඩ් මෝනින් චිම්......"
කාමරේ ජනෙල් තිර අරින ගමන් ජිමින්ගේ කාමරේ තිබුණු ඝණ නිහැඬියාවට යුන්ගි තිත තිබ්බත්, ජිමින් නම් කිසිම දෙයක් නොකියා එයාගේ ඩෙනිමේ සිපර් එක දාන එක ගැන කල්පනාවෙනුයි හිටියේ. ඉතින් හැමදාමත් හුරු ඒ නිහැඬියාව තනියෙන් විඳගනිමින් යුන්ගි ඊටපස්සේ කරන්න ගත්තේ, ජිමින් එයාගෙ කාමරේ සීසීකඩ විසික් කරලා දාලා තිබුණු එයාගේ ඇඳුම් ටික අහුලලා ජිමින්ගේ අත උඩින් තියපු එකයි.
"පොඩි ළමයෙක් වගේ ඇඳුම් තැන තැන දාන්නෙ නැතුව දැන්වත් ටිකක් වගකීමෙන් වැඩ කරන්න ඉගෙනගන්න චිම්.... තව සති දෙකකින් අවුරුදු විස්සකුත් ලබනවා නේද?"
ඒත් තමන්ගේ අත් උඩින් යුන්ගි තියපු ඒ කිලිටි ඇඳුම් ටික දිහා ටිකවෙලාවක් බලාගෙන හිටපු ජිමින්, ඊළඟ නිමේශයේදිම ඒ ඇඳුම් ටික ආයෙමත් බිමට අතෑරියේ යුන්ගි දිහා බලාගෙනමයි.
ඉතින් තමන්ගේ ඇස් ඉස්සරපිටදිම ජිමින් ඒ විදිහට බිමට දාපු ඒ ඇඳුම් ටික කිසිම දෙයක් නොකියාම ආයෙමත් එකින් එක අහුලපු යුන්ගි, ඒ කිලිටි ඇඳුම් ටික ජිමින්ගේ ඇඳ උඩින් තිබ්බේ ලොකු හුස්මක් අතාරින ගමනුයි.
ඒ අතරේ යුන්ගි කියන-කරන මේ කිසිම දේකට තවමත් ජිමින්ගේ කටින් නම් එක වචනයක්වත් පිටවුනේ නැහැ.
කලින් කිව්වත් වගේ ඒ දේවල් දැන් නම් යුන්ගිට හුඟක් පුරුදුයි. හැමදාමත් වගේ බිත්තියකට කතා කරනවා වගේ ජිමින් ඉස්සරහ පිටවෙන එයාගේ වචනවලට කිසිම වටිනාකමක් ලැබෙන්නෙ නෑ කියලා දැන දැනත් එයා ජිමින්ට හැමදාමත් කතා කරන්න උත්සහ කලා. යුන්ගි අදටත් එයාගේ පුංචි මල්ලි එක්ක ඉස්සර දවස්වල වගේ සතුටින් හිනාවෙවී කතා කරන්න තාමත් මඟ බලාගෙන ඉන්නවා.
YOU ARE READING
Searching ‖ YoonMin X BTS [10]
Fanfictionඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...
![Searching ‖ YoonMin X BTS [10]](https://img.wattpad.com/cover/315170649-64-k884620.jpg)