Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
රොක්-බයිසන් නමින් 'ගෝස්ට්-යූ' කියන වීඩියෝ අප්ලෝඩ් කරන සෝශල් මීඩියා එකේදි ජිමින් එක්ක හැම-මොහොතකම වගේ කතා කරපු කොල්ලාගේ නම ජස්ටින් වගේම ඔහු සෝල් නගරයේම තියෙන ප්‍රසිද්ධ හෝටලයක රැකියාවක් කරන දුප්පත් තරුණයෙක් කියන කාරණාව සොක්ජින් විසින් යුන්ගිට තහවුරු කලේ මීට දවස් කිහිපයකට කලිනුයි.
ඒත්, සොක්ජින් තහවුරු කරපු ඒ රොක්-බයිසන් කියන යූසර්ගේ තොරතුරු හැමදෙයක්ම මේ වෙනකොටත් යුන්ගිගේ ඇස් ඉස්සරහපිටදිම බොරුවක් වෙලයි තිබුණේ.
මොකද මීට විනාඩි කිහිපයකට කලින් කතා කරපු චෝයි ජස්ටින් කියන තරුණයා සෝල් හෝටලයක වැඩ කරන වේටර්වරයෙක් නොවන, නමුත් වෙළඳ දැන්වීම්වල පෙනී සිටින නිරූපණ ශිල්පියෙක් කියන දේ යුන්ගිට මේ වෙද්දි හොයාගන්න පුළුවන් වුණා.
ඉතින් දෙපාරක් නොහිතාම සොක්ජින්ගේ ෆෝන් නම්බර් එකට කතා කරන්න යුන්ගි තීරණය කලේ, ඒ කොල්ලාගේ විස්තර තමන්ට පැහැදිලි කරන වෙලාවේදි සොක්ජින්ගේ අතින් මොකක්හරි වැරදීමක් සිද්ධවුණා ද කියලා දැනගන්න තිබුණු වුවමනාවටයි.
"ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කල නොහැක.... ඔබේ පණිවිඩය බීප් නාදයෙන් ප------"
"ආාාාාාාාාාායිශ්........'
ඒත් සොක්ජින්ව සම්බන්ධ කරගන්න බැරිවුණ එකට යුන්ගිට දැණුණේ ලොකු කේන්තියක්.
ඒ නිසාමයි ළඟ තිබ්බ බිත්තියටත් හයියෙන් අත්මිටමොළවලා ගහන ගමන් යුන්ගි එහෙම්මම ඒ කෝල් එක කට් කරලා දැම්මේ.
YOU ARE READING
Searching ‖ YoonMin X BTS [10]
Fanfictionඅපේ ඇස්වලට පේන හැමදේම ඇත්ත නෙවෙයි. අපේ කන්වලට ඇහෙන හැමදේමත් ඇත්ත නෙවෙයි. එතකොට මොකද්ද ඇත්ත??!! ------ S E A R C H I N G ------ MYG X BTS (YoonMin) Brotherhood story Searching © 2022 August @Yawa_K (220816) [Inspired by Searching (2018) movie] PS: Al...
![Searching ‖ YoonMin X BTS [10]](https://img.wattpad.com/cover/315170649-64-k884620.jpg)