chapter 1

168 14 0
                                    


Chapter 1 🧛🏻‍♂️

එක් වරම Seoul නගරය පුරා කුණාටුවක් පැතිර ගියේ කාගෙත් සිතට දොම්නස් හැගිම් ඇති කරමින් . මම පොතක් රැගෙන ජනේලය ඉදිරිපිට වාඩි වුණේ මගේ තනිකම පිරුණු පාලූ ජීවිතේට හැමදාම ළගින් හිටියේ මේ පොත් විතරක් ම නිසා.

මම කුණාටුවකට අසු වුන Seoul අහස දිහා බලාගෙන ම දොම්නසින් පිරුණු දෙනෙත් යොමු කරේ මම කියවමින් සිටි පොත දෙසටයි.. මම ඒ පොතට මගේ ඇස් යොමා සිටි විට කාලය ගෙවී ගියේ අසුරක වේගයෙන්....ඒත් එක් ක්ෂණයකින් මම එම ලෝකයෙන් මිදුනේ මට ඇසුන විශාල ශබ්දයක් නිසයි.මම අහස දෙස බලා සිතුවේ එයත් එක් අකුණක් කියායි.එහෙත් මට නැවතත් ශබ්දයක් ඇසුනා...ඒත් එය නම් නිසැකවම දොරට ගසන ශබ්දයක්...

🌸 කවුද ඔතන.....

කවුරුත් උත්තරයක් දුන්නේ නැති නිසා මම ආපහු පොත කියවන්න හැදුවත් ලොකු සද්දයක් එක්කම අකුණක් ගැහුවේ Seoul අහස ම දෙදරා යන්න තරම් ආලෝක මත් වෙමින්...
ඒත් එක්කම Apartment එකේ බැල්කනිය පැත්තේ door එකට හයියෙන් ගහගෙන ගහගෙන යන සද්දයක් ආවා......

මගේ ඇග පණ නැතුව ගියේ බය වැඩි කමටමයි...මම වෙව්ලන කකුල් වලින් living room එකේ ඉදන් බැල්කනිය පැත්තට යන්න යද්දි ම එකපාරම ලයිට් ගියේ හිතේ බය හොඳට ම වැඩි වෙද්දී....අතට අහුවුන phone එක අරගෙන touch එක on කරගෙන බැල්කනිය පැත්තට හිමින් හිමින් ගියේ මොකක්ද මේ වෙන්නේ කියලා හිතන ගමන්.......

බැල්කනි එකේ දොර ඇරපු ගමන් අතේ තිබ්බ phone එක අත ඇරුනේ බැල්කනි එකේ පිරිමි කෙනෙක් හිටිය නිසා....... ලොකු කළු ලෝගුව ඇද ගෙන අනිත් පැත්ත හැරිලා ඉන්න කෙනා කවුද කියලා අහන්න ගියත් ක්ෂණිකයෙන් ඔහු මගේ පැත්තට හැරෙද්දී මම හද එළියෙන් ඔහුගේ කඩවසම් මූණ දැක්කෙ මගේ හුස්ම වැටෙන එක නවතිද්දි...

එක් ක්ෂනයකින් මගේ ළගට ඔහු ආවත් මට දුවන්න තරම්වත් මගේ කකුල් පන නැතිවුණා....එකම තැන නැවතිලා හිටියත් මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඔහු එක පාර ම මගේ බෙල්ලට නැඹුරු වුණා...මගේ ඇග සීතල වෙලා ගියත් කෑ ගහන්න තරම් වත් මට ශක්තියක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ..... ඒත් එකපාරම කෙලින් උන ඔහු ඒ භයානක රතු පාට ඇස් දෙකෙන් මම දිහා බලලා එකපාර අතුරුදහන් වුනා..... ඔහු යන ක්ෂනික ලයිට් ආවත් මගේ කකුල් දෙක පණ නැතුව එතනම වැටුනේ......... සිද්ධ වුණේ මොනවද කියලා වත් හිතාගන්න බැරුව.....

Vampire Mate 🧛🏻💓👩🏻🩸🚫Where stories live. Discover now