5

129 31 4
                                    

සුන්දර වසන්තයේ හවස් යාමයක තම තේජාන්විත ඇල්ෆා සමගින් ඔහුගේ පිටෙහි හිඳ අගනුවර සිරි නරඹන හෝසෝක් , මින්ග් දේශයේ වැසියන්ට අතිශය සුපුරුදු දසුනක්ම වුනා.

ගොර්යෝහි සිට පැමිණි තම දේශයේ සුන්දර රැජින දැකීමට එහි වැසියන් දැක්වුයේ ඉමහත් කැමැත්තක්. හෝසෝක් යනු වෘක පරපුරේ අයෙකු නොවුවද, තම කාරුණික රජුගේ තීරණයට හිස නැවූ මින්ග් දේශයේ වැසියන් ඔවුන් දෙපලට තම ආශිර්වාදය පල කලේ නිතැනින්මයි.

යටකී දවස ගොර්යෝහි වූ බිහිසුනු රාත්‍රියෙන් පසු, ගොර්යෝ රාජධානිය යටත් කරගත් මින්ග් සෙබළුන්, කෘර වූ මුන්යොන් රජු පලවා හැර, සැබවින්ම එහි කිරුල හිමිව තිබු පෙර ඔටුන්න හිමි කුමරුන්ගේ පුතු වූ කාරුණික පාලකයෙකුට එම රාජධානිය භාර දුන්නේ ගොර්යෝ වැසියන් සියලු දෙනම හට මහත් අස් වැසිල්ලක් ගෙන දෙමින්. 

දැමිවොන් කඩා බිඳ දැමූ යුන්ගි, එහි සිටි අහිංසක සිරකරුවන් හට තම නිවෙස් බලා යාමටත්, ඔවුන්ගේ දිවියේ සැබෑ සිහිනයන් හඹා යමින් ප්‍රීතිමත්ව කල් ගෙවීමටත් උපකාර කලේ , එහි සිරව අන්ත දුක්ඛිත දිවියක් ගත කල සියලු දෙනාගේම දෑස් සතුටු කඳුළු වලින් පුරවමින්.

පසුව හෝසෝක් කැටුව ඉමහත් තේජාන්විතව සිය දේශය කරා ලඟා වූ ඔහු, හෝසෝක්ව තමා සතු එකම වස්තුව සේ රකින්නට උත්සුක වුනේ හෝසෝක් කෙරේ ඔහුගේ සිතෙහි පිරි ආදරය මොනවට පෙන්වමින්.

හෝසෝක්ද ගොර්යෝවට වඩා මේ නව දේශයට ඇලුම් කරන්නට වුනේ සිය ආත්මීය නවාතැනක වූ බැඳීමක් ඔහුට මේ දේශයෙන් ලැබුණු නිසාවෙන්මයි.

ගොර්යෝවෙහි හා මින්ග් දේශයෙහි වෙනස්කම් බොහොමයක් හෝසෝක්ට දැකගත හැකි වුනේ මේ දේශයේ නිරතුරු සැරි සැරීමෙන්මයි.

ගොර්යෝ වනාහි හුදෙක් කුල භේදය මත පදනම්ව ගොඩ නැගුනු සමාජයක් ඇති දේශයක්ම වුනා. රජු සහ රාජකීයයන් මාලිගයේ වෙසෙද්දී, ධනවත් වංශාධිපතිවරුන් ඔවුන්ගේ මන්දිර වල ජීවත් වූ අතර, දුගී ජනයා හට හිමි වුනේ අන්ත දුක්ඛිත ඉරණමක්. 

නමුත් මින්ග් දේශය එසේ වුනේ නැහැ. කුල බෙදීමක් පෙනෙන තෙක්මානයක හෝ නොවූ මේ රාජ්‍යයෙහි ඇල්ෆා, බීටා හා ඔමේගාවරුන් යන වෘක පන්තීන් සියලු දෙනාටම සම තැනක් හිමි වුනා.

Moon Lovers | A SOPE FFМесто, где живут истории. Откройте их для себя