6

114 29 4
                                    

හෝසෝක් ඊර්ෂ්‍යා කළා....

ඔවු.. ඔබට ඇසුනා නිවැරදියි. හෝසෝක් ඔහුගේ ළාමක සිතින් වුවත් ඊර්ෂ්‍යා කලේ ඔවුන්ගේම රාජධානියේ අවිහිංසක වැසියන්ටයි. 

වසත් සමයේ අවසාන දිනෙක අන් සියලු ආත්මීය සහකරුවන් සේම, යුන්ගි හා විවා දිවියට එළඹුණු ඔහු ඉතාම ආදරබර ජීවිතයක් ගත කලේ තම හැඩි දැඩි බිළාල පැටවාගේ උණුහුම මධ්‍යයේයි.

ආදරය නොනිමි ලෙස විඳි ඔවුන්, තම ජීවිතය අතිශය ප්‍රීතියෙන් ගත කරමින් දැහැමින් රාජ්‍යය පාලනය කලේ සිය වගකීම් එකිනෙකා වෙත මනාසේ බෙදා හදා ගනිමින්. 

යුන්ගිගේ උණුහුම් තුරුලේ ගුලිව අපමණ සෙනෙහසක් වින්දද, හෝසෝක්ගේ මුදු හිතට ළාමක ඊර්ෂ්‍යාවක් මෝදු වී ආයේ ඔහු සමගින්ම එකම සුවිසල් උත්සවයකදී විවා පත්වූ අනෙකුත් ඔමෙගාවන් දැකීමෙන්.

විවා පත්ව කාලය ගෙවෙද්දී ගැහැණු මෙන්ම පිරිමි ඔමෙගාවන්ගේ පවා කුස මහත් ප්‍රෞඩත්වයෙන් යුතුව ඉදිරියට නෙරා එද්දී, තම හිස්වූ කුස දෙස බලමින් සුසුම් හෙලූ හෝසෝක් නොයෙකුත් කල්පනාවන්හි නිමග්න වන්නට වුනේ නිතැනින්මයි. 

තම ආලය කෙතරම් ශක්තිමත් වුවද, කල් ගත වෙද්දී සිය ප්‍රෞඩ රාජ්‍යයට උරුමක්කාරයෙකු ගෙන එන්නට යුන්ගි හට වුවමනා වන බව සිහි වෙද්දී පවා හෝසෝක්ගේ සියුම් පපුව ඊ තුඩු වලින් පසාරු කරන්නාක් වැනි වේදනාවක් ඇති වන්නට වුනේ ඒ සිතුවිල්ලෙහි ඇති කටුක බව නිසාවෙන්මයි.

මේ හේතුව නිසාවෙන්ම නිරතුරුවම රහසේ හඬා වැටෙන හෝසෝක්, රාත්‍රියේ සියලු වැඩ නිමාවී යුන්ගි පැමිණෙන ඇසිල්ලෙහිම සිය කඳුළු පිසදාලමින් ඔහු හා පෙර සේම සිනහ සෙන්නේ සිය දැවෙන හදෙහි දුක් ගීතයටද සවන් නොදෙමින්.

දින කිහිපයක සිට තම ආදරණීයයාගේ මහත් වෙනසක් දුටු යුන්ගි, මේ රාත්‍රිය නම් හෝසෝක්ට කිසිත් හංගන්නට ඉඩ නොදෙන්නට අදිටන් කර ගත්තේ නිතැනින්මයි.

සාමාන්‍ය වෘක ආත්ම සහකාරයින් මෙන්ම හෝසෝක් හට යම් කරදරයක් හෝ දුක් වේදනාවක් දැනුනද ඒ බව දුර තියාම වටහාගන්නා යුන්ගි, හෝසෝක්ගේ සිතෙහි ඇති මේ වේදනාවද පලවාහරින්නට අදිටන් කර ගත්තේ ඔවුන්ගේ ආදරයේ නාමයෙන්. 

Moon Lovers | A SOPE FFWhere stories live. Discover now