7

163 29 43
                                    

"ජන්කුක්... කුඩා පැටවාට රිදේවි.... ඔහුව නැවතත් ඔහුගේ සයනයෙන් තබන්න..." තම එකම පුතු වූ දඟකාර පස් වියැති කුඩා ජන්කුක් පසු පසින් දුවමින් ඔහු අල්ලන්නට නොමඳ උත්සාහයක් දැරූ තේහ්යුන්ග් කියන්නට වුනේ හති හලමින්.

සිය ආදරණීය සැමියා පිට තබාගෙන ඇවිදීමේ රාජකාරියට අමතරව, ජිමින්ගේ කපාපු පළුවක්ම බඳු වූ දඟකාර ජන්කුක් පසුපස දිවීමේ දරුණු රාජකාරියද භාර වූ තේහ්යුන්ග් හට, සිය යුධ සේනා මෙහෙයවීම මීට දහසකින් සම්පති යයි වැටහුණු වාර අනන්තයි.

එහෙත් ජිමින්ගේ මුහුණෙන් නැගෙන එක් සුන්දර සිනහවක් වෙනුවෙන් සිය දිවිය පවා ඔහුගේ දෙපා මුල තබන්නට තරම් ආදරබර තැනැත්තෙකු වූ තේහ්යුන්ග්, නිවසේ යුධ කාරියද භාර ගත්තේ ජිමින්ගේ කොසු මිටට ඇති බිය නිසා නම් නොවේ.

"නොහැකියි මා හට... නම්ජුන් මාගේයි.... ඔබලා කිසිවෙක් මා හට ඔහු ලඟට ලං වීමට හෝ ඉඩ නොතබන නිසාවෙන්, මා ඔහුව සොරා ගත්තා. දැන් ඔහු මා ලඟින් සුවසේ හිඳිවී..."

පස් වියැති පොඩිත්තාගේ කුඩා දෑතෙහි නැළවෙමින් හැඬුමක සේයාවක් හෝ නොමැතිව සිටින සය මස් වියැති කුඩා කුමරු නම්ජුන් දෙස ආදරයෙන් බලමින් ජන්කුක් කියන්නට වුනා.

යුන්ගිගේ හා හෝසෝක්ගේ ආදරයේ නොනිමි ප්‍රතිපලයක් ලෙස මෙලොව එලිය දුටු ඔවුන්ගේ පුතණුවන් වූ නම්ජුන්, මින්ග් දේශයේම ආදරයට පාත්‍ර වූ කුඩා කුමරුවෙක් වුනා.

නමුත්, යුන්ගිගේ නොනිමි නොරිස්සුමට භාජනය වෙමින්, හෝසෝක් සිය සියලු අවධානය නම්ජුන් වෙතම යොමු කරන්නට වුනු නිසාවෙන්, නව පැටවා පිලිබඳ සිය සිතේ තිබූ සියලු උණුහුම් බලාපොරොත්තු බොර දියේ සේදී ගියේ යුන්ගිගේ සිත ඉමහත් සාංකාවෙන් අවුලමින්. 

සිය සහකරු සොරා ගත් ඔහුගේම පැටවා දෙස උකුසු ඇසින් බලන යුන්ගි, නම්ජුන් නිතර කෑරැස්සෙකු මෙන් හඬන නිසාවෙන් ඔහුව ඉවතට විසි කරන්නටද නොමඳ උත්සාහයක් ගත්තේ හෝසෝක්ගේ ඉමහත් කෝපයට හේතුවක් වෙමින්.

නමුත් සිය ඥාති පුතු සේ සැලකු ජන්කුක් විසින් නම්ජුන්ට දක්වන ඉමහත් ඇල්ම පිලිබඳ නව සොයාගැනීමෙන් පසු පස්වනක් ප්‍රීතියට පත් වන යුන්ගි, හැකි සෑම විටම පාහේ කුඩා බිලිඳා ජන්කුක්ගේ දෑතෙහිම තබන්නේ තම සුන්දර රෝස කුසුම සමග මද ඇසිල්ලකට හෝ සුවසේ සිටීමේ නොනිමි බලාපොරොත්තු ඇතිවයි.

කෑරැස්සෙකු සේ හැඬුවද, ජන්කුක්ගේ තුරුලේ ගුලිවීමට ඇලුම් කරන නම්ජුන් නිසාවෙන් යුන්ගිගේ සියලු කාර්යයන් පහසු වන්නේ නිතැනින්මයි. නමුත් මින් ලොකුම ඇබැද්දිය වන්නේ අසරණ නිවසේ සෙන්පති තේහ්යුන්ග් හටයි. සිය සැමියා හා පුතණ්ඩියා සමගින් තවත් බිලිඳෙක්ද සිය කර මතට වැටීම නිසා කබලෙන් ලිපට වැටෙන ඔහුට, බෑන්- ශි-හ්යුක් දිව්‍ය රාජෝත්තමයාගේ පිහිට ලැබෙන්නේද කලාතුරකින්.

හෝසෝක් හා ජිමින් යන දෙදෙනාම ඔමෙගාවන් ලෙසින් එලි දැක්වුණේ රට වැසියන් සියල්ලන්ගේම කුතුහලය ඒ පුවත වෙත ඇද ගනිමින්.

එය එසේ සිදු වුනේ, හෝසෝක්, ඔහුගේ මෑණියන් මෙන්ම, ජිමින්ද ඉතා කුඩා ප්‍රාදේශීය වෘක රාජ්‍යයකින් පැහැරගෙන ආ තැනැත්තන් නිසයි. කෘර මුන්යොන් රජු විසින් එම රාජ්‍යය සහමුලින්ම විනාශ කිරීමෙන් ඉක්බිති සිරකරුවන් ලෙස රැගෙන ආ ඔවුන්ව දැමිවොන්හි සිරගත කොට අන්ත දුක්ඛිත දිවියක් උරුම කර දෙනු ලැබුවේ හෝසෝක්ගේ මෑණියන්ට අකල් මරණයක්ද අත් කර දෙමින්.

තමන් වෘක පරපුරකින් පැවත එන්නාක් යයි හාංකවිසියක් හෝ නොදත් කුඩා හෝසෝක් සහ ජිමින් සාමාන්‍ය මිනිසුන් මෙන් හැදී වැඩුනේ නොයෙක් අඩම්තේට්ටම්ද මැදයි.

නමුත්, මින්ග් දේශය වන්වූ වෘක රාජ්‍යයක දිවි ගෙවීමේ ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ සැබෑ ස්වරූපයන් ඉස්මතු වන්නට වුනේ සඳ දෙව්දුවගේ ආශිර්වාදය නිසාවෙන්මයි. ඔමේගාවන් ලෙස පිළිපන් හෝසෝක් සහ ජිමින් දෙදෙනාම සිය නව දිවිය ඉමහත් ප්‍රීතියෙන් වැළඳ ගත්තේ සිය සහකරුවන්ගේද නොනිමි ආදරය හා සෙනෙහස මධ්‍යයේයි.

යුන්ගි විසින්, තම අනාගත ආත්මීය සහකරුවෙකු අපේක්ෂාවෙන්, ඔහු වෙනුවෙන්ම තැනු අලංකෘත ගෘහ මණ්ඩපයේ සිට සුන්දර රෝස මල් පිරි උද්‍යානය දෙස බලා සිටි හෝසෝක් දිගු සැනසුම් සුසුමක් හෙලමින් තම ආදරණිය සැමියා මෙන්ම, තම කුරිරු ඉරණමේ ගැලවුම්කරු වූ යුන්ගිගේ උණුසුම් ළයට තුරුල් වන්නට වුනේ නොමඳ අස්වැසීමකින්.

"මා ඔබට ආදරෙයි යුන්ගි... මගේ දිවි ඇති තෙක්... මගේම අධිරජු...."

"මාද ඔබට ආදරෙයි මගේ පණ ... ගොර්යෝවෙන් නෙලාගෙන ආ මින්ග් දේශයේ සුන්දර රෝස කුසුම... "

එකිනෙකා වෙත වූ ආත්මීය ආදරයේ නොනිමි සලකුණක් සනිටුහන් කල සුන්දර ආදරවන්තයින් යුගල එසේ එකිනෙකාගේ තුරුලේ සැනහෙන්නට වුනේ ආත්මගත ආදරයේ මතක පොත් අතරට තවත් සුන්දර කතාවක් මෙසේ එක් කරමින්.

🌸 සමාප්තයි 🌸

Moon Lovers | A SOPE FFحيث تعيش القصص. اكتشف الآن