🍁Lycan Thrones 07🍁

28 5 0
                                    


Author Pov...

ජිමින් කොලේජ් ගිහින් ගෙදර ආපු නැති නිසා කිම් ශින් හිටියේ ගොඩක් කලබලයෙන්..ජිමින් කවදාවත් පරක්කු වෙලා ගෙදර ඇවිල්ලා තිබුනේ නැති නිසාත් පෙර දින රාත්‍රියේ හීනෙන් ඇවිදලා පහුවදා උදේ ගෙදර ආපු හැටිත් මතක් වෙලා ශින් හිටියේ ගොඩක් බය වෙලා.
තමාගේ දරුවෙක් නොවුනත් කිරි කැටියා කාලේ ඉදන් ජිමින්ව ආදරෙන් බලා ගත්තු ශින් ඇත්තටම ජිමින්ට සැලකුවේ, ආදරේ කරේ තමන්ගෙ ලෙයින් උපන් දරුවෙක් ලෙස හිතාගෙන.කිම් ශින් යුන්ගි ගැන දැනගෙන හිටියත් ජිමින්ට උදව් කරන්න ආපු තවත් හොඳ මානුෂික ගුනාංග තියෙන පුද්ගලයෙක් කියන්න විතරයි දැනගෙන හිටියේ..ඒත් ශින් හිතුවා ජිමින් ගැන තොරතුරක් දැන ගන්න මුලින්ම යුන්ගිගෙන් අහන්න.ඊට කලින් කිම් ශින් කරේ මෙලීගේ නිවසට කෝල් එකක් ගත්තු එක.ගමේ එක ගෙදරක විතරයි දුරකථනයක් තිබුනේ..කිම් ශින් මුදල් නෝට්ටු කිහිපයකුත් අරන් ඒ නිවසට ගිහින් මෙලීගේ නිවසට දුරකථන ඇමතුමක් ගත්තේ ජිමින් මෙලී එක්ක ඉන්න කියලා හිතින් හිතන ගමන්.

"හෙලො.."

"හෙලෝ..මෙලී දූ..මම ශින් අන්කල්."

"ආ..ඔව්..අන්කල්..කියන්න..තාත්තනම් ගෙදර ආවේ නෑ තාම.හදිස්සියක්ද."

"අනේ දූ..මගේ පුතා ඉන්නවද."

"ඇයි අන්කල් ජිමින් ගෙදර ආවේ නැද්ද."

"අනේ නෑ දුව..දැන් හවස හතත් පහුවෙලා."

"එහෙම වෙන්නෙ කොහොමද අන්කල්..ජිමින් මා එක්කමයි කොලේජ් ඉවර වෙලා ආවේ."

"ඒ කියන්නෙ ජිමින් කොලේජ් එකෙන් ආවාද."

"ඔව්..අන්කල් සමහර විට ජිමින් කැලේ ඇවිදින්න ගියාද දන්නෙ නෑ..එයා හිටියෙත් ටිකක් අවුලෙන්..මොක්කද ආත්මයක් ගැන කිය කිය ඇඩුවා.මට තේරුනෙත් නෑ අන්කල්.."

"ඒත් දූ ජිමින් කොහේ ගියත් කොලේජ් ඉවර වෙලා ගෙදර ඇවිල්ලා තමයි යන්නෙ..අනෙ මගේ වස්තුවට කරදරයක් දන්නෙ නෑ."

"අන්කල් බය වෙන්න එපා..මාත් එන්නම්.අන්කල් දැන් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.මම තාත්තා එක්ක එනවා.තෙරුනාද."

මෙලී එහෙම කියලා ඇමතුම විසන්ධි කරලා තාත්තට කෝල් එකක් ගත්තේ ඉක්මනට ගෙදර එන්න කියන්න.

Lycan Thrones (Complete)Donde viven las historias. Descúbrelo ahora