18⭐

110 59 2
                                    


දවස තිස්සෙම ජිමින් කාමරේට වෙලා කල්පනා කලේ ජන්කූක්ව එලියට එක්ක යන්නෙ කොහොමද කියලා. මොකද එකපාරටම මේම ගේ ඇතුලට ආපු කොල්ලෙක්ව කොහොමද ගේ මැද්දෙන් එලියට එක්කන් යන්නේ. 

ඒ මදිවට එයාගේ තාත්තා කියන කෙනත් සාලේ මැද්දටම වෙලා උදේ ඉදන් පොතක හිරවෙලා හිටියේ ජිමින්ගෙම කරුමෙට වගේ.

ජනේලෙන් පැනලා යන්න හිතුනත් ඒ අදහසත් අතැරගන්න සිද්ද වුනේ උදේ ඉදන්ම වත්තට වෙලා එයාගේ මල් පැල වලට සාත්තු කරන අම්මව දැකලා. දැන් දවල් වෙන්නත් කිට්ටුයි. ජිමින් තාම එයාගෙ කාමරෙන් එලියට එක අඩියක්වත් තිබ්බේ නෑ.

ඒ අස්සේ එයා ජන්කූක්ට බාත්ෲම් එක පෙන්නලා ඒක අස්සට තල්ලු කරලයි තිබ්බේ නාගෙන එන්න කියලා. මොකෝ අර රජකාලේ වගේ තියෙන අමුතු ඇදුම ඇදගෙන එලියට යන්න යෑ.

ඔව් ඔව් ජන්කූක් ඇදන් හිටියේ ප්ෘතුවියේ මේ කාලයට ගැලපෙන ඇදුමක් නම් නෙවෙයි. ඒක රජකාලේ හැන්බොක් එක්කට ටිකක් විතර සමාන ඇදුමක්. කුකී නම් කිව්වේ තරු වල ඉන්න ඔක්කොම කුමාරවරු එහෙමලු අදින්නේ.

"ජිමින්... මම මේක ඇදගෙනද ඉන්න ඕනේ.."

ජිමින් කල්පනා සාගරේ ගිලිලා ඉන්න අතරමැද්දේ බාත්ෲම් එකෙන් එලියට ආව කුකී එයා ඇදන් ඉන්න සාලුව පෙන්නලා එහෙම ඇහුවා.

ජන්කූක්ව දැකපු ජිමින්ගේ ඇසුත් උඩගියේ එයා ඒ ඉන්න විදිහට. තෙත කොන්ඩෙන් තාමත් බේරෙන වතුර බිංදු කම්මුල් දිගේම පහලට ඇවිත් බෙල්ල දිගේ ගිහින් තනිරූල් කොටු රූල් ඔක්කොම පාස් කරන් ටවල් එක අස්සට රිංගනවා.

මස් පිරුනු අතපය ගානට.අන්තිමට ජිමින්ගේ ලොකූ වෙච්චි ඇස් ගිහින් නැවතුනේ බාගෙට පටලන් ඉන්න ටවල් එක අස්සෙන් පේන වී ශේප් එක ලග.

"යා...හ් ඒයි ජිමින් කොහෙද ඔබ ඔය බලන්නේ..."

තවමත් බාගෙට සුද්ද සින්හලින් කතා කරන ජන්කූක් ජිමින්ගේ ඇස් නැවතිලා තියෙන තැන අතින් වහගෙන කෑ ගහන්න ගත්තේ මුලු ගෙදරටම ඇහෙන්න.

"ජිමින්......... මොකද වෙලා තියෙන්නේ... ආ.... "

ඒත් එක්කම සාලෙන් ඇහුනේ ආන්න ඒ සද්දෙයි.

ඒත් එක්කම හිටිය සුරංගනාලෝකෙන් පහලට කඩන් වැටුනු ජිමින් ඔලුවත් ගසාගෙන මේ සිහියට ආවේ ලැජ්ජාවෙන් මූනත් රතූ කරන්.





⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

forever you are my star  ⭐  short story [ completed ]Where stories live. Discover now