39⭐

78 42 4
                                    


"ජන්කුකී..."

ජිමින්ගෙ පුංචි කාමරේ ජනේලේ ලග ඉඳන් එලිය බලාගෙන හිටපු ජිමින් එයා ලගින්ම ඉදගෙන එයා දිහා හොරෙන් බලන ජන්කුක්ට කතා කලා.

"ඇයි ජිමිනී..."

ඒ ක්ශනයෙන් ජන්කුක් ජිමින් දිහා බැලුවා.

" මේ... අපි දෙන්න අද රෑට තරු බලන්න යමු?"

"කොහෙටද පුංචි සුරදූතයෝ..?"

ජන්කුක් ජිමින්ගේ මූනට වැටිලා තිබුනු කෙස් රොද කන පිටිපස්සෙ රඳවන ගමන් ඇහුවා. ජිමින් ඒ ස්පර්ශයට එයාගෙ ඇස් දෙක පියාගත්තේ ආදරෙන් ජන්කුක්ගේ අත අල්ලගෙන.

" ටියුලිප් මල් උයනේ මේපල් ගහ යටට."

ජිමින් හිමින් ඇස් අරින ගමන් කිව්වහම ජන්කුක් හිනාවුනා.

"ඔව් .. අපි අනිවාරෙම්ම යමු.. අද තරු බලන්න.."

ජන්කුක් ජිමින්ව එයාගෙ අත් අතරට අරගෙන ඔඩොක්කුවට ගත්තා. හිමින් සීරුවේ ජිමින්ගේ කන් පෙත්ත ලාවට වගේ හැපුව එයා එහෙම්මම නැවිලා ජිමින්ගෙ බෙල්ල සිපගත්තා.

"ජිමිනී...."

"ම්ම්..."

"දෙයක් කියන්නද..?"

ජන්කුක් ඇහුවහම ජිමින් හිමින් සැරේ ජන්කුක්ගෙ පැත්ත හැරිලා ඉදගත්තා.

" හා කියන්න.."

ජන්කුක් ජිමින්ගේ දිලිසෙන ඇස් දෙහා බලලා ඒ සිනිදු කම්මුල් අතගෑවා . ආයෙමත් ඒ ස්පර්ශයට ජිමින් එයාගෙ ඇස් පියාගද්දි ජන්කුක් ලොකූ හුස්මක් පිට කලා.

" ඔයා මේ ලෝකෙ වැඩියෙන්ම ආසා දේ මොකද්ද..?"

ජන්කුක් ඇහුවා. ජිමින් එයාගෙ ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා. ඒ ඇස් තරු වගේ දිලිසෙනවා. ඔව් එයාගෙ හිත දන්නවා එයා ආසම දේ මොකද්ද කියලා.. ඒත් එයා ඒක දැම්ම කියන්න හිතාගෙන නැහැනේ.

"ම්ම්.... එහෙම දෙයක් නෑ... "

"හ්ම්ම්.. එතකොට ඔයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද..?"

ජන්කුක් ජිමින්ගේ ඇස් දිහාම බලාගෙන එහෙම ඇහුවා. ඒ ප්‍රශ්නයට ජිමින් කොහොම උත්තර දේවිද.. ජන්කුක්ගෙ බලන් හිටියා.

" ම්ම්.... දන්නෑ..."

පුංචි හිනාවක් දාපු ජිමින් ජන්කුක්ගෙ ඇස් මගෑරලා අහස දිහා බැලුවා.

" පුංචි කාලෙ ඉදන් මට එහෙම ආදරේ හිතුන කිසිම කෙනෙක් හිටියේ නෑ. මම ආදරේ කරපු මගේ අම්මත් දැන් වෙනස් වෙලා. ඉතින්.... මට දැන් කිසිම කෙනෙක් නෑ. මේ ඔයා ඇරෙන්න.."

ජිමින් ජන්කුක් දිහා නොබලා අහස දිහා බලාගෙනම කතා කලා එයාගෙ ඔලුව ජන්කුක්ගේ පපුවට හේත්තු කරලා.

" ආහ් ජන්කුකී ඔයාගෙ පපුව ගැහෙන වේගේ අඩුයි වගේ ඇයි මට දැනෙන්නේ.."

ඉක්මනටම ජන්කුක්ගෙ පපුවෙන් ඈත් වුනු එයා එයාගෙ අත් දෙක එතනින් තියාගත්තා. එතකොටම ජන්කුක් ජිමින්ගේ ඒ පුංචි අත් දෙක එයාගෙ තනි අතකින් අල්ලගත්තා.

" ඒක සාමාන්‍යයි ජිමිනී... ඒ ගැන හිතන්න එපා ඔයා ම්ම්... අපි යමු තරු බලන්න ඔයාගෙ ටියුලිප් මල් ලගට .. ඉක්මනටම.."

ජන්කුක්ට ගොත ගැහෙනවා. එයාට දැනෙනවා එයාගෙ හදවතේ ගැස්ම ටික ටික අඩු වෙනවා. ඔව් එයාගෙ කාලය ඉක්මනටම ගෙවිලා යනවා. හරියටම තව පැය කිහිපයයි. මේ අතරේ වැලි ඔරලෝසුවේ කැටයම් කරලා තිබුනු ඒ දීප්තිමත් සද රූපය ටිකෙන් ටික මැකිලා යන්න පටන් අරන් තිබුනේ ගොඩාක් අවාසනාවන්ත විදිහට.




⭐⭐⭐⭐⭐⭐⭐

forever you are my star  ⭐  short story [ completed ]Where stories live. Discover now