42⭐

77 44 6
                                    


ඒත්... පරක්කු වැඩීද..

හිමින් හිමින් නොපෙනී යමින් තිබුනු ජන්කුක්ගේ රූපය අන්තිමට නොපෙනීම ගියා. මෙච්චර වෙලා ජිමින්ගේ අත් අතරේ හුස්ම ගත්තු ඒ තරු කුමාරයා අන්තිමට ජිමින්ගේ ලගින් අතුරුදහන් වෙලා ගියා. ජිමින්ගෙ ඇස් වලින් හෝ ගාල කඳුලු කැට පහලට වැටෙද්දි එයා හුස්මගන්නත් අමතක කරලා ඉකි ගහද්දි අන්තිමට එයාට එයාගෙ තරු කුමාරයාව නැතිම වෙලා ගියා.

" මගේ ජිමිනී.... ස්තූතී අන්තිම මොහොතෙ හරි ඔයා ඒ වචන ටික කිව්වට. ඒත් කාලය ගතවෙලා මගේ සුරදූතයෝ.. මට සමාවෙන්න. මේ කුකීට සමාවෙන්න හැමදාටම.."

ජිමින්ගේ කන් ඇතුලේ ජන්කුක් යන්න කලින් කියපු ඒ වචන දෝන්කාර දිදී ඇහෙන්න ගන්නකොට එයාගෙ හදවත පාලනේ කරගන්න බැරි තරම් රිදෙන්න ගත්තා. එයාට දැනුනෙම එයාගෙ හදවත කෑලි කෑලි වලට වෙන් වෙනවා වගේ වේදනාවක්.

"ක්..කුකී.. එතකොට.... එතකොට ඔයා බලන් හිටියේ මං ඔයාට ආදරෙයි කියනකන්ද... ම..මගේ කුකී.. මම මීට කලින් ඔයාට ඒ වචන තුන කිව්වා නම් ඔයා තවමත් මං ලගද ජන්කූක්..."

ජිමින් කෑ ගහලා අහන ගමන් පන නැතුව මේපල් ගහට හේත්තුවෙද්දි එයාගෙ ඇස් වලින් කඳුලු ගැලුවේ හරියට උල්පතකින් වතුර ගලවා වගේ.

" කියන්න ජන්කූක්.. ඔයා මං ලග එහෙනම් නවතිනවද....."

ගැහෙන ඉකිය බොහොම අමාරුවෙන් පාලනය කරගෙන අහස දිහාබලපු එයා පුංචි පුංචි තාරකා අතරේ තිබුනු ඒ හිදැස දිහා බලාගෙන කෑ ගැහුවා.

එයාට විස්වාස කරගන්න බෑ ඒ සිද්ද වුනු දේ. එයාගෙ තරු කුමාරයා ඇත්තටම එයාව දාලා ගියාද... එයා.... එයා ආයෙ එන්නෙ නැද්ද.

සියකුත් එකක් ප්‍රශ්න මැද අතරමං වුනු පුංචි සුරදූතයා වේදනාවෙන් ඇදුම්කන එයාගෙ පපුවට අත තියාගෙන ඔහේ අහස දිහා බලන් හිටියා. තවත් තත්ත්පර කිහිපයක් ගතවෙන්න ඇති ඒ පුංචි සුරදූතයා එයාගෙ අන්තිම ශක්තියත් අහසට පාකරලා මේපල් ගහ යට හාන්සි වුනා.





⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ඔව් මේක ඉවර වෙන්නයි යන්නේ.....

forever you are my star  ⭐  short story [ completed ]Where stories live. Discover now