44⭐

70 40 6
                                    


"මට ඇති ඔම්මා.."

බාගෙට කාල ඉවර කරපු එයාගෙ කෑම පිගාන මේසෙන් එහාට කරපු ජිමින් පුටුවෙන් නැගිටිනකොට එයාගෙ ඔම්මා ජිමින් දිහා බලන් හිටියේ මේ ලමයා ඇයි මෙච්චර විදවන්නේ කියලා හිතාගන්න බැරුව.

එයා ජිමින්ගෙන් මෙහෙම ඉන්න හේතුව අහන්න ඇති සියවතාවකටත් වැඩිය . ඒත් ඒ හැමපාරම එයාට ජිමින්ගෙන් ලැබුනේ කඳුලු පිරුනු බැල්මක් සහා වැලදගැනීමක් විතරයි. ඉතින් එයා ඒක ගැන අහන එක නතර කරලා දැම්මා.

" එහෙනම් මේ මෆින්ස් ටික අරන් යන්න කාමරේට. ඔයාට රෑට බඩගිනි උනොත් පල්ලෙහාට එන්න ඕනෙ නෑනෙ එතකොට.."

ජිමින්ගේ ඔම්මා ජිමින් අතර චොක්ලට් මෆින්ස් පුරවපු ප්ලේට් එකක් දීලා එහෙම කිව්වා.

"හ්ම්ම්.. හොදයි ඔම්මා.."

කෙටි උත්තරයක් දුන්නු ජිමින් හිමින්සැරේ ගිහින් පඩිපෙල නගින්න පටන් ගත්තා. ඒත් එයාට පඩිපෙලෙන් බාගයක් දුර විතරක් නගින්න පුලුවන් වෙන්න ඇති .

"ජ්..ජිමින් පුතා.... අර බලන්න.."

ජිමින්ගේ ඔම්ම බය වෙලා කෑ ගහන්න ගත්ත පාර ගැස්සිලා ගියපු ජිමින් ඉක්මන්ට්ම හැරිලා පහල බැලුවා. එලියක්... ඔව් ලොකුම ලොකු කහපාට එලියක්.. ජිමින්ගේ ඇස්වලට පෙනුනා. ඒක එයාලගේ සාලෙ තිබුනු ජනේලෙන් එයාගෙ ඇස් වලට හොදටම පෙනුනා.

ඉක්මනටම පහලට දුවපු ජිමින් මෆින් පිගාන මේසෙ උඩින් තියලා දොර දිහාට දුවන් ගියා. පුලුවන් ඉක්මනට දොර ඇරපු එයා අහස දිහා බැලුවා.

ඔව්.. මුලු අහසම අමුතු පාටකින් එලිය වෙලා. කහපාට එලියක් .... ජිමින් ඇස් දෙකත් ලොකූ කරන් අහස දිහා බලන් හිටියා.

" මොකද්ද මේ වෙන්නේ.."

ජිමින්ගේ ඔම්මත් පුදුමෙන් අහස දිහා බලන් ඉන්නකොට ජිමින් දන්නෙ නෑ කියන්න ඔලුව වැනුවත් එයාගෙ හිතේ අමුතු හැගීම් ගොඩාක් පහල වෙමින් තිබුනා.

"බැරිවෙලාවත්...."

එයාගෙ හිත එක පිට එක තර්ක කරද්දි ජිමින් අහස දිහා බලාගෙන හිටියා. එකපාරම ඒ කහපාට එලිය තවත් වැඩි උනා. අහසේ පායලා තිබුනු තාරකා පවා ඒ එලියට වැහිලා යනකොට සද දෙව්දුව විතරක් ඒ එලිය ලගින් හිටියා.

" ඒත් පුංචි තරුවක්ද.. මගේ කුකී වගේම...?"

ජිමින් හිමින් මුමුනද්දි ඒ කහපාට එලිය මැදින් එකපාරම එලියට ආපු තද දම් පාටට හුරු ආලෝක බෝලයක් අහසින් වෙන්වෙලා පොලව පැත්තට එන්න පටන් ගත්තා.

ඒක දැකපු ජිම්න්ගේ ඔම්ම කෑ ගහද්දි ජිමින්ගේ ඇස් දෙක තිබුනාටත් වඩා බෝලවෙලා පුදුමෙන් ලොකූ උනා.

"ඒ මොකද්ද ජිමින්.. ඒක එන්නෙ මේ ගේපැත්තට නේද.."

ජිමින්ගේ ඔම්මා ජිමින්වත් ඇදගෙන ගේ අස්සට යන්න හැදුවත් ජිමින් ගල්වෙලා වගේ ඒ එලිය දිහා බලන් හිටියා. එයාව හොල්ලන්නවත් බෑ.ඒ මදිවට ඒ ආලෝක බෝලය කෙලින්ම එයාලගෙ ගෙදර පැත්තට වේගෙන් එන්න පටන් අරන් තිබුනා.

ඒත් එක්කම ජිමින්ගේ ඔම්ම කන් දෙකත් වහන් බිමට නැවෙද්දි ඒ දම්පාට ආලෝක බෝලය වේගෙන් ඇවිත් එයාගෙ ගෙදර උඩ තට්ටුවේ වැදිලා නොපෙනී ගියා.

"ඒ.......... ඒ.... එයා..? නෑ වෙන්න බෑ..."

තවමත් පුදුමෙන් උපරිම වෙච්ච එයාගෙ ඇස් දෙක ලොකූ කරගෙන වෙව්ලන ගමන් මුමුනපු එයා තවත් තත්පරයක්වත් නාස්‍ති නොකර ගේ ඇතුලට දිව්වා.





⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

forever you are my star  ⭐  short story [ completed ]Where stories live. Discover now