Chapter 20

3.8K 603 405
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€================================______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

හ්‍යුන්බින් එතනින් යන්න ගියේ එක පාරක්වත් ජන්කුක් දිහා නොබලයි. හ්‍යුන්බින් එලියට ගිය ගමන් ටේහ්‍යුන්ග් දුවන් ගිහින් ජන්කුක් ලග දණින් වැටුනා.

ජන්කුක්ගේ ඇදුම් ලේ වලින් තෙත් වෙලා.. සුදු පාට පොලවේ ජන්කුක්ගේ ලේ පාරවල්... අනිවාරෙන්ම ජන්කුක්ගේ ඇගේ කැලැල් ඇති. ඒත් මේ ඇදුම් හින්දා පේන්නේ ලේ වලට තෙත් උන ඇදුම්.......

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඔලුව එයාගේ ඔඩොක්කුවෙන් තියා ගත්තා.

ටේහ්‍යුන්ග් , එතන හිටන් ඉන්න ජෙසී දිහා බැලුවා.

TH-" ඔයා... ජෙසී... එහෙමනේ....."

" අහ්ම්... ඔව්.... "

TH-" මං ජන්කුක් සර්ගේ driver ටේහ්‍යුන්ග් ...ම්ම්ම්... ජෙසී මට උදව් කරන්න. දැම්ම මට වතුර එකක් අරන් එන්න පුලුවන්ද ? "

" හ-හරී..... "

ටේහ්‍යුන්ග්ගේ වචන වලට බෑ කියන ගෑනු කෙනෙක් නෑ කියලා ටේහ්‍යුන්ග් දන්නවා. 
ජෙසී එවෙලෙම දුවලා ගිහින් වතුර වීදුරුවක් ගෙනත් ටේහ්‍යුන්ග් අතට දුන්නා.

TH-" ජන්කුක් සර්ගේ bathtub එක, උණුවතුර දාලා ලෑස්ති කරන්න...."

" හරී....."

ජෙසී ඔලුව නමලා, එතනින් දුවන් ගියේ ජන්කුක්ගේ කාමරේට. ටේහ්‍යුන්ග් මේ ගෙදර අයිතිකාරයාවත්, එයාගේ බොස්වත් නෙමේ කියලා ජෙසී දන්නවා. ඒත් ටේහ්‍යුන්ග්ගේ හඩේ තිබ්බේ ස්වමීත්වය දරන ස්භාවයක්. ටේහ්‍යුන්ග්ගේ වචන වලට බෑ කියන්න බැ.
ජෙසී එවෙලෙම ගියේ bathtub එක ලෑස්ති ක්රන්න.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඔලුව ඔඩොක්කුවෙන් තියාගෙන අත් තෙමලා මූනේ වතුර ගෑවා.

SCARWhere stories live. Discover now