part 3

83 18 28
                                    

At Juu's house

Author's pov

දෙව් විතරක් නෙමෙ ඒ වෙලාවේ එතනට දෙව්ව බලාපොරොත්තු නොවුන ජූත් ගල් ගැහුනේ කරපු හොර වැඩේ අතේ මාට්ටු වුණ නිසා..

ඊලගට වුනේ කවුරුත් හිතපු දෙයක් නම් නෙමෙයි. Couch එකේ වාඩි වෙලා හිටපු කොල්ලයි කොල්ලගෙ lap එක උඩ කකුල් දෙක දෙපැත්තට දාලා ඉදගෙන පොතක් අතේ තියන් හිටපු කෙල්ලයි ඉද්ද ගැහුවා වගේ නැගිට්ටෙ.හැබැයි නැගිට ගන්න බැරුව දෙන්නම "ඩෝන්" ගාලා ආයෙත් බිම. මේක බලන් හිටපු දෙව්ට නම් මැජික් වගේ.මොකද ජුජූ කියන්නෙ කිසි දෙයක් හංගන්නෙ නැතුව එයාට කියන කෙනෙක්.ඒත් මෙච්චර ලොකු දෙයක් එයාට නොකිව්ව එකට නම් ලොකුම ලොකු තරහක් ආවා ජූත් එක්ක. එයා හිතුවේ නම් ඒ හිටියෙ ජූගේ බොයි කියලා.🤣🤣🤣

ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න එයාගේ අක්කව දැක්ක ජූ නම් අර අහිංසක කොල්ලගේ ඇග උඩ ඉදන්ම හිනා වෙන්න ගත්තා.

"යාහ් සෝ අයින් වෙයන්... බං ම..ගේ කොන්ද ක..ඩන්ද තෝ යන්නෙ😑?"

ඒක ඇහිලා තමා කෙල්ල හරි සිහියට ඇවිත් නැගිට්ටෙ හිනා වෙලා හිනා වෙලා ජූගේ බඩත් කොර වෙලා වගේ. ඒ තරමට හිනා වෙලා. හිමිට නැගිට්ට කොල්ලත් ජූට රවන ගමන් මූණත් දෙක කරන් කට ඇරියේ ප්‍රශ්නයක් අහන්න වුනත් ඒකට අවස්ථාවක් නැති වුණේ කටර් එක වගේ කියවන්න ගත්ත ජුජූ නිසා.කියව කියව දුවන් ගිහින් එයාගේ තාරා අක්කගේ ඇගට පැන්නෙ එයාව දැකපු සතුටට.හම්මේ ඉතින් කෙල්ලට අමතක වුණා දෙව්ට වගේ 2ක් එයා ලොකුයි කියලා.ටික වෙලාවක් ඉන්න කොට

"ජූ බබී අයි..න් වෙන්..නකෝ... ම..ට හු..ම්.ම ගන්න බෑ"

"අනේ සොරි අක්කියා මට අමතක වුනානෙ.මේ මොකද අනේ ඇවිත් පිස්සන් කොටුව දැක්කා වගේ ඇස් දෙකත් එලියේ දාන් බලන් හිටියේ?. "

"අම්මෝ මොනා උනත් මාර ආතල් ඈ🤣🤣🤣"

ඔය විදියට කියව කියව හිනා වෙන ජූගේ දිහා මූණත් දෙක කරන් බලන් ඉදපු දෙව් ඇහුවේ
"Excuse me madam ju. Are you done?"
කියලා.ඇයි ඉතින් ඒ කියවිල්ල අහන් ඉදලා කෙල්ලට හොදටම එපා වෙලා. ජූත් එක්ක ගෙදර හිටපු කොල්ලත් ඇස් දෙක ටීක් බෝල කරන් බලන් හිටියේ එයාගේ බෙස්ටිගේ කියවිල්ල දිහා.මොකද කවදාවත් ජුජූ නැත්තම් කොල්ලා දන්න සොන්හි ඔය විදියට හැසිරෙන්නෙ නැති නිසා.බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගෙන දෙව්ව ආයෙත් බදා ගෙන ඉදලා ලස්සනට හිනා වුණා.හැබැයි ඒ හිනාව වැඩි වෙලාවක් තිබ්බේ නැත්තෙ අතේ තිබ්බ බෑග් ටිකත් බිමට දාලා තමන්ගේ කන මිරිකන්න ගත්ත දෙව් නිසා.කෙල්ලට එක පාර හිතා ගන්නත් බැරි වුනා ඇයි මේ කියලා.

Red Wine🍷🍷🥀 / PJM /CompletedWhere stories live. Discover now