Part 6

68 19 25
                                    

Next Day morning
At juju's appartment

ඊයේ සිද්ද වෙච්ච දේවල් එක්ක දෙව් වගේම ජුජූත් යුනි යන්නවත් office යන්නවත් හොද මනසකින් නම් නෙමෙයි හිටියේ.ඒත් ඉතින් රාජකාරිය නම් රාජකාරියනෙ.ඒක දෙව් නම් හොදටම දන්නවා.අහන්න දේවල් ගොඩක් තිබුත් ඒ ඔක්කොම බල්ලට දාලා දෙව් උදේම office යන්න ලෑස්ති වුණා.

ජුජූ නම් අද යුනි කට් කරලා වෙන ගමනක් යන්න ලෑස්තිය.ඩෙනිමයි ටීෂර්ට් එකයි ජැකට් එකයි දාලා වෙනදටත් වඩා කලින් ලෑස්ති වෙලා කෙල්ල පහලට ආවේ කා' එකේ key එකත් කරක කරක.දෙව්ට ඒ වෙලේ හුස්ම ගන්නත් අමතක වුණා.ඇයි ඉතින් කවදාවත් ඔහොම ජූව දැකලා නෑනෙ.අද නම් කෙල්ල ගන් එකත් ඉනේ ගහන් තමා ආවේ.

"ගුඩ් මෝර්නින් ජූ.කොහේ යන්නද මේ උදේ පාන්දර?"

"ගුඩ් මෝර්නින් ඔන්නියා.මං මේ පොඩි ගමනක් යන්න කියලා."එහෙම කියපු කෙල්ල ගිහින් එයාගේ ඔන්නිව බදා ගත්තා.

"අක්කියා"

"හ්ම්ම්?"

"මට සමාවෙන්න මෙච්චර කල් මේ දේවල් නොකිව්වට.ඊයේ මේ ගැන තමා මට කියන්න ඕනි වුණේ.ඒත් වෙච්ච දේවල් එක්ක කියන්න බැරි වුණානෙ."

"කමක් නෑ ජූ.ඔයා මොන දේ කරත් හරි දේ කරනවා කියලා මං දන්නවානෙ."

"මං දන්නවා අක්කි මාව ඕනිවටත් වඩා විශ්වාස කරනවා කියලා.ඒකට කුමාවෝ.අක්කියාට අහන්න දේවලුත් ගොඩක් ඇතිනේ.මං ආවාම මේ හැමදේම ඔයාට කියන්නම්.හොදද?"

"හරි ජූ.මං බලාගෙන ඉන්නම්කෝ ඒ කතාව අහන්න.දැන් කන්නෙත් නැතුවද යන්නෙ?"ජූ කෙල්ලව ඈත් කරලා හිනා වෙලා ඔලුව දෙපැත්තට හෙල්ලුවේ නෑ කියන්න.
"පිස්සුද මේ වගේ රස කෑම වේලක් මං එහෙම අතාරිනවද? අක්කියා අද ඔයාටත් මාත් එක්කම යන්න පුලුවන් කා' එකේ යන්නෙ."

"අම්මෝ නෑනෑ දැන්ම පරලොවට ටිකට් එක ඇද ගන්න ඕනි නෑ ජූ.මං බස් එකේ එන්නම්. ඔයා යන්න🙂"

"🤣🤣බය වෙන්න එපා හෙමීට drive කරන්නම්."

"හ්ම්ම්ම් හ්ම්ම්. ජීවතුන් අතර ඉන්න ලැබුණොත් ඇති"

"බය වෙන්න එපා අනේ.මේ ඔන්නියා ඇයි අනේ ඊයේ ඔයා අර කුක්සන්ව දැකලා යකෙක් කන්න වගේ බය වුණේ.?"

Red Wine🍷🍷🥀 / PJM /CompletedWhere stories live. Discover now