↖️Who are you↗️

5.9K 326 21
                                    

..

..

..


කලුවර කාමරයක්...ජනේලෙන් විතරක් ආව හද එළියෙන් ම එලිය වෙලා තිබුනු මනුස්සයයෙක්ට ජීවත් වෙන්න පුළුවන් ද කියලා හිතන්නවත් බැරි කලුවර කාමරයක්..කන් ඇතුලේ කීන් ගාන තරම් සද්දෙට රැයේ නිහඩකම උපරිමේට තියෙනකොට යාන්තමට හමන් ආව හුලන් පාරත් එක්ක ජනේලේ තිරේ විඩෙන් විඩේට ඉහලට පහලට උනා..තිරේ පහලට එනකොට කාමරේම තප්පර ගානකට තනිකරම අන්දකාරෙන් වැහිලා යද්දි තිරේ ඉහලට යනකොට ගලන් ආව හද එලිය කෙලින්ම එයාගේ මූනට වැටුනා...හුස්ම හඩක්වත් නෑහෙන තරමට පිලිමයක් හා සමානව එයා හැගීමක් නැති ඇස්වලින් මං දිහාම බලන් ඉන්නකොට හේතුවක් නැතුව මාත් ඒ ඇස් දිහාම බලන් හිටියා...හද එලියට එයාගේ මූනේ දකුණු පැත්ත දිලිසෙනවා..නිල් පාට හද එලිය වැටිලා අමුතුම පෙනුමක් එයාගේ වාත්තු කලා වගේ මූනට වැටිලා තියෙද්දි එයා හදක් වගේ කියලා මට හිතුනේ පලවෙනි පාරට නෙවේ...ඒත් ඒ කවිකාරයෝ දකින නිවුනු හද නෙවේ..විරහා වේදනාව අත් විදින ආදරවන්තයෝ දකින හැංගුනු ආවාට තියෙන හද ගැනයි මං කියන්නේ...හද ලස්සනයි ..හිත නිවනවා...අහස පුරවනවා..ඒත් ඒ ඈතින් බලන් ඉන්න අයට විතරයි..ඈත ඉදන් හදට මොන තරම් ආදරේ කලත් ලන් උනු දාක ඒ හිතේ තිබුනු ආදරේ හද ගැන දැනෙයි කියලා හිතනවද..දූවිලි ..ආවාට.. තියෙන එලියක් නැති තනිකරම හිස්කම විතරක් තියෙන හද ගැන ඇත්ත දැන ගත්තු දාක කවිකාරයා උනත් හදට ආදරේ කරන්න පුළුවන් කියලා හිතනවද..හැංගුනු ඇත්ත දැන දැන තවත් මිනුස්සු හද වර්ණනා කරයිද...සුරංගනා ලෝක මවන් ඉන්න අයට හද කියන්නෙත් හීන ලෝකයක් විතරක් උනාට හදේ පය ගහපු මිනිහා දන්නවා හද දූවිලි.ගොඩාක් විතරයි කියන්න...මිනිස්සු උනත් ඒ ඇත්ත දැන දැනම හද ගැන බොරුවෙන්ම හිත මුලා කරගන්නවා..මොකද ඒ බොරුව ලස්සනයි ..ඇත්ත කොච්චර තිත්ත උනත් මනුස්සය ආස ඒ හිත රවට්ටන්න පුළුවන් බොරුවට..ඇත්ත දැන දැනම ඒ බොරුව පස්සෙ දුවනවා..දූවිලි.ගොඩක් කියලා දැන දැනම හදේ හාවෙක් , සද දෙව්දුවක් හොයන්න හදනවා....හරියට මං වගේ....





...SLAP👋....







කලුවර කාමරේ මැද දන ගහන් හිටිය මගෙ කම්මුල පුපුරලා යන්නම එයාගේ රලු අතෙන් පාරක් වදිද්දි මං බෙල්ල හරවගෙනම ඉදලා කට කොනට ආව හිනාවක් එක්ක ඒ මූන දිහා බැලුවා...අවුරුදු දෙකකට කලින් මලක් තරම් සිනිදු උනු ඒ අත් ගලක් තරම් රලු වෙලා තියෙද්දි ඇගේ වේදනාවට වඩා මගෙ හිත වේදනා දුන්නා..මං දිව කොනෙන් තොල් අග තිබ්බ ලේ බින්දුව කට ඇතුලට ගද්දි තවත් පාරක් මගෙ අනිත් කන පුරවලා වැදුනා..ඒත් මං තාමත් ඒ කට කොනෙන් ආව හිනාවෙන්මයි...මොකද මට පිලිගන්න බෑ මේ ඉන්නේ මං ආදරේ කරපු , කේක් එකක්වත් කට වටේ ගාගන්නේඑ නැතුව කන්න දන්නේ නැති අහින්සක කොල්ලා කියලා..මගෙ ෆ්‍රී ෆයර් පිස්සා..ගේම් එකවුන්ට් එකක් අරන් දෙන්නම් කිව්වොත් පපුව උනත් පලල දෙන තරමට පිස්සුවෙන් දගලපු මගෙ කොල්ලා....ගේමින් කොල්ලන්ට ඇත්තටම ගන් එකක් දුන්නොත් මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා කොච්චර පෝස්ට් තිබ්බත් ඒ හැම එකෙක්ම බොරු කියලා මගෙ ඇස් ඉස්සරහම ඔප්පු උනා..ගේම් එකේ විතරක් ගන් එකක් අතට ගත්තු එයා දැන් ඇත්තටම ගන් පාවිච්චි කරනවා..සතුට වෙනුවෙන් කාටුන් රූප මරලා දාපු එයා දැන් පලිගැනීම වෙනුවෙන් එකා පිට එකා පන පිටින් මිනිස්සුන්ව මරලා දානවා..හහ්..මට මං ගැනම අනුකම්පාවයි...මේ ඉන්නේ මගෙ කොල්ලා කියන එක තාමත් පිලිගන්න බැරි උනාට මට මං ගැනම අනුකම්පාවයි...

💓WITH YOU 💓 ( Zy Completed  ff)Where stories live. Discover now